උණුසුම් පුවත්
Search
strike train

දුම්රිය සේවකයින් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක

177

දුම්රිය ධාවනාගාර සේවකයන් සහ නියාමකයින් අද (05) මධ්‍යම රාත්‍රියේ සිට සේවයෙන් ඉවත්ව ක්‍රියාත්මක කරන වැඩවර්ජනයට දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ කොටසක් ද එකතු වන බව දුම්රිය නඟා සිටුවීමේ වෘත්තීය සමිතියේ කැඳවුකරු ඉන්දික දොඩන්ගොඩ කියා සිටියා.

දුම්රිය නියාමකයන් අද මධ්‍යම රාත්‍රීයේ සිට සේවයෙන් ඉවත් වන බව ලංකා දුම්රිය නියාමක සංගමය දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර හට පස්වරුවේ ලිඛිතව දැනුම් දී තිබෙනවා.

දුම්රිය කාර්ය මණ්ඩලයට ප්‍රවාහන පහසුකම් නොමැතිවීමත්, ඔවුන්ගේ පෞද්ගලික වාහන වලට ඉන්ධන නොමැතිවීමත් නිසා සේවයට පැමිණීමේ ගැටලු මතු වී ඇති බවත් දෙපාර්තමේන්තුව ලබාදුන් ඉන්ධන ප්‍රමාණවත් නොවන බවත් එම සංගමය කියයි.

නිලධාරීන්ගේ අකාර්යක්‍ෂමතාව නිසා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉන්ධන ගබඩාවෙන් ඉන්ධන දීම නිසිපරිදි නොවන බව කියන ලංකා දුම්රිය නියාමක සංගමය ඒ සඳහා වාහාම පියවර නොගන්නේ නම් අද මධ්‍යම රාත්‍රීයේ සිට පෞද්ගලික වාහන වලින් සේවයට පැමිණෙන නියාමකයින් සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටින බව ද සඳහන් කර තිබෙනවා.

දුම්රිය නඟාසිටුවීමේ වෘත්තීය සමිතියට සහය දක්වන දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ පිරිස මෙම වැඩවර්ජනයට එක්වන බවත් ඉන්ධන ගැටලුවට දුම්රිය සේවකයන් දැඩිව මුහුණ දී සිටින බවත් ඔවුන්ද දැනුම් දී තිබෙනවා.

යොහාන් භාසුර

Source – Lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *