උණුසුම් පුවත්
Search
train ruhunu kumari

”දුම්රිය දෙපාර්තමේන්තුවේ දිනක පාඩුව රු. කෝටි 10 ඉක්මවයි” – බන්දුල ගුණවර්ධන

78

මේ වසරට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව දිනකට රුපියල් කෝටි 10කට වැඩි පාඩුවක් ලබන බව ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන අනාවරණය කළේය.

දීර්ඝ කාලයක් තිස්සේ දුම්රිය වියදම් වැඩිවීමත් සමග ඊට සාපේක්ෂව ආදායම් වැඩි නොවීමත් සමග දෙපාර්තමේන්තුවේ අලාභය ‘විස්මිත’ ලෙස ඉහළ ගොස් ඇති බව ද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

ඊයේ (26) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

2021 වසරේදී දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් බිලියන 2.6ක් ලෙස වාර්තා වෙද්දී වසරේ දෙපාර්ත​මේන්තුව ලැබූ සමස්ත අලාභය රුපියල් බිලියන 34ක් බවද ඇමැතිවරයා සඳහන් කළේය. දුම්රිය වැටුප් හා වේතන වෙනුවෙන් 2022 වසරේදී රුපියල් බිලියන 07ක් ගෙවීමට සිදුව ඇති බවද දෙපාර්තමේන්තුවේ අති කාල දීමනා ගෙවීම සඳහා පමණක් 2021 වසරේදී රුපියල් බිලියන 2.7ක් වැය කර ඇති බවද ඇමැතිවරයා මෙම මාධ්‍ය හමුවේදී පෙන්වා දුන්නේය.

දුම්රිය ගාස්තු ඉහළ දැමීම සඳහා දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබුවේ මෙම අලාභය අවම කර ගැනීමට බව පෙන්වා දුන් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරන ලද්දේ දුම්රිය ගාස්තු ඉහළ දැමුව ද එය තවමත් බස් ගාස්තුවෙන් අඩක් පමණක් බවයි.

දුම්රිය මගී ගාස්තු, දුම්රිය මගීන් ඉන්ධන ප්‍රවාහන ගාස්තු, දුම්රිය තැපැල් ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවද ඇමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

නයන තරංග ගමගේ




Leave a Reply

Your email address will not be published.