සුප්‍රකට අමෙරිකානු ගායක ආර්. කෙලීට ලිංගික අපරාධ නඩුවක් සම්බන්ධයෙන් වසර 30ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.
කෙලීට කාන්තාවන් කිහිප දෙනෙකු විසින් ලිංගික අපයෝජන චෝදනා එල්ල කර තිබුණි.
මෙම චෝදනා සත්‍ය බව විමර්ශනයේදී හෙළි විය.
ඉන් පසුව 55 හැවිරිදි මෙම අමෙරිකානු තරුව අධිකරණය මගින් දඬුවමකට යටත් කර තිබේ.
කෙලීට චෝදනා කළ බොහෝ කාන්තාවන් සහ ගැහැණු ළමයින් ඔහුගේ රසිකාවියන් වීම විශේෂිතය.
කෙලී බලහත්කාරයෙන් ඔවුන් වැඩිදෙනෙකු අපයෝජනය කර ඇති බව කියවේ.
ඔහුට එරෙහිව පැවති නඩු 9ක් සම්බන්ධයෙන් නඩු විභාග වසර 20 ක් තිස්සේ පැවති අතර අවසානයේ වරදකරු විය.
ආර්. කෙලීට එරෙහි නඩු විභාගය පසුගිය වසර 20 පුරා පැවතුණි.
සාක්ෂිකරුවන් 45 දෙනෙකු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වන විට ඔහු නඩු 9කට වැරදිකරු වී තිබේ.
නඩු කිහිපයක් තවමත් විමර්ශනය වෙමින් පවතින අතර මෙම නඩු වල දී වැරදිකරු වුවහොත් කෙලීගේ දඬුවම තවත් වැඩි විය හැකිය.
ආර් කෙලීට එල්ල වූ එක් චෝදනාවක් වන්නේ අවුරුදු 15ක ගැහැණු ළමයෙකු විවාහ කර ගැනීමයි.
ඔහුගේ මේ විවාහය ලෝකයාගෙන් වසන් කර තිබූ අතර උසාවියේදී එය දැරියට ලිංගික අතවරයක් බව නිගමනය විය.
මෙම විවාහය නීත්‍යනුකූල නොවන ලෙස සිදු කරන්නට ආර් කෙලී සිය කළමනාකරුගේ සහය ඇතිව නිලධාරීන්ට ද අල්ලස් ලබාදී ඇති බව විමර්ශනයේදී අනාවරණය විය.
හොලිවුඩ් තරුවකට ලිංගික අපචාර චෝදනා එල්ල වූ පළමු අවස්ථාව මෙය නොවේ.
මීට පෙරත් මෙවැනි අවස්ථාවල විශාල තරු රැසකගේ නම් මතු වී ඇති අතර හාවි වෙයින්ස්ටයින්, කෙවින් ස්පේසි, බිල් කොස්බි සහ ජොනී ඩෙප් වැනි හොලිවුඩ් නළුවන්ට ස්ත්‍රී දූෂණ සහ ලිංගික හිංසන චෝදනා එල්ල වී තිබේ.
මියගිය මයිකල් ජැක්සන්ට ද 1993 වසරේදී ළමයින්ට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල විය.