උණුසුම් පුවත්
Search
lamey

විකට ටික්ටොක් තරුවට ලැබුණු ලෝක කුසලානයේ ඉහළ තනතුර මෙන්න

86

එළඹෙන පාපන්දු ලෝක කුසලානයේ (FIFA) ප්‍රධාන අනුග්‍රාහකයෙකු වන කටාර් ජාතික බැංකුව (QNB) විසින් 2022 වසරේ ඔවුන්ගේ නිල ලෝක කුසලාන සන්නාම තානාපති (Brand Ambassador) ලෙස සෙනගාල ටික්ටොක් තරුවක් වන ”කබී ලාමේ” පත් කර තිබෙන අපූරු පුවතක් වාර්තා වනවා.

image 105

22 හැවිරිදි ලාමේ මේ වන විට ඉතාලියේ පදිංචිය ලබාගෙන ඇති අතර, ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ටික්ටොක් හරහා ඉදිරිපත් කරන විකට උපහාසාත්මක රංගනයන් නිසාවෙනුයි.

මේ වන විට ඔහුට ටික්ටොක් අනුගාමිකයන් මිලියන 150කට අධික සංඛ්‍යාවක්ද, ඉන්ස්ටග්‍රෑම් හරහා අනුගාමිකයන් මිලියන 80කට අධික සංඛ්‍යාවක්ද ගොඩනැගී ඇත.

image 103

ලාමේ, මෙම වසරේ වැඩිම අනුගාමිකයන් සංඛ්‍යාවක් සහිත ටික්ටොක් තාරකාව ලෙසින්ද නම් කර තිබේ.

කටාර්හි විශාලම බැංකුව වන කටාර් ජාතික බැංකුව, මැදපෙරදිග හා අප්‍රිකානු කලාපයේ විශාලතම මූල්‍ය සමාගමද වේ.

මෙම වසරේ (2022) එහි වත්කම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 300 (රු. ට්‍රිලියන 110ක් )ඉක්මවයි.

ඒ අනුව ඉදිරි දිනක දී ඔහු ලෝක කුසලානය වෙනුවෙන්ම නිර්මාණය වන වෙළඳ දැන්වීම් පෙළක පෙනී සිටීමට ද නියමිත බව වාර්තා වේ.

image 104