උණුසුම් පුවත්
Search
putin and maithri

ලංකාව ගැන පුටින් සංවේදී වෙයි

182

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වෙත තමා යොමුකල Aeroflot ගුවන්යානයේ අර්බුදය පිලිබද ලිපියට ක්ෂණිකව පිළිතුරු එවීම සම්‍බන්ධව හා ශ්‍රී ලංකාව පිළිබඳව සංවේදීව කරුණු දැක්වීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයාට හදවතින්ම ස්තුතිවන්ත වන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

රුසියානු ජනපතිවරයා මෛත්‍රීපාල සිරිසේන වෙත යොමුකළ ලිපිය රැගෙන ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූටි මැටේරි මහතා ඊයේ (22) හිටපු ජනපතිවරයා හමුවී තිබෙනවා.

මෙම හමුව පිළිබඳව සිය ෆේස්බුක් ගිණුම හරහා සටහනක් තබමින් මෛත්‍රීපාල සිරිසේන ඉහත අදහස් දැක්වනු ලැබුවා.

එසේම ශ්‍රී ලංකා රජයෙන් සහ ජනාධිපතිවරයා වෙතින් සිදුවිය යුතු යැයි රුසියානු ජනපතිවරයා තමන්ට කර තිබෙන යෝජනාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට ඉතා ඉක්මනින් දැනුම් දෙන බවත් ඔහු සඳහන් කළ ආකාරයට මෙම ගැටළුව විසඳීමට ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් තමා මැදිහත් වන බවත් හිටපු ජනපතිවරයා පවසනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *