රාජ්‍ය සේවයට බදවා ගැනීමේ කිසිදු විභාගයක් නොපවත්වන ලෙස මුදල් අමාත්‍යාංශය විභාග දෙපාර්තමේන්තුවට ඊයේ (23) දැනුම් දී තිබෙනවා.
එම දැනුම් දීමට අනුව මේ දක්වා පවත්වා ඇති බඳවා ගැනීමේ විභාග වල ප්‍රතිඵල ද නිකුත් නොකළ යුතු බව දන්වා ඇතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.
පාසල් වල පවතින සෞන්දර්ය, ගෘහ ආර්ථික විද්‍යා සහ ඉංග්‍රීසි ගුරුවරුන්ගේ පුරප්පාඩු පිරවීම සඳහා පසුගිය පෙබරවාරි මාසයේ පැවැති විභාගයේ ප්‍රතිඵල ද නිකුත් කිරීමට නොහැකි වී තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් සඳහන් කර තිබෙනවා.
එම ප්‍රතිඵල නිකුත් කරන ලෙස විභාග දෙපාර්තමේන්තුවට දැනුම්දීමක් නොකළ බවත් එම ප්‍රතිඵල නිකුත් කළහොත් බඳවා ගැනීම් කිරීමට සිදුවීම ඊට හේතුව බවත් එම ප්‍රකාශකයා පවසා ඇත.
රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් නතර කිරීමට පියවර ගත්තේ මෙම වසරේ අයවැය යෝජනාවක් අනුවයි.
නිලන්ත මදුරාවල