නිරතුරුවම වගේ සමාජ මාධ්‍ය ඔස්සේ කවුරුත් කතාබහ කරන පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ.
සමාජ මාධ්‍ය නිසා මේ පවුල බොහෝ දෙනාගේ අවදානය යොමුකරගන්න සමත් වෙලා කිව්වොත් හරි.
ඉතින් සුරූපී දියණියන් තිදෙනෙක් නිසයි මේ පවුල ගැන නිතර කතාබහට ලක්වෙන්නේ.
ඔවුන් තිදෙනාම කලාවට සම්බන්ධ වීම තවත් හේතු කාරණයක් වෙන්න පුළුවන්.
ඉතින් මේ පවුලේ බඩපිස්සි එහෙමත් නැත්නම් බාලම දියණිය තමා නිළි ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ.
ඇයගේ උපන්දිනය පෙරේරා (08) දිනට යෙදිලා තිබුණා.
කොහොම නමුත් මෙවර උපන්දිනය ඇයට ටිකක් විශේෂයි.
මොකද ඇයගේ පෙම්වතා නවක ගායකයෙක් වෙන දිනේෂ් ගමගේත් මේ අවස්ථාවට එක්ව සිටියා.
ශනුගේ පවුලේ අයත් එක්ක එකතුවෙලා ඇයව පුදුම කරන්න ඔහු කටයුතු කරලා තිබුනා.
මේ අවස්ථාවට පවුලේ හැමෝම සහභාගී වෙලත් තිබුණා.