ඉන්ධන නොමැතිකමින් හෙට (15) දින පෞද්ගලික බස් රථ ධාවනය 90%කින් පමණ අඩාල වන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා.
ඉන්ධන ලබාගැනීම සඳහා මේ වන විට පෞද්ගලික බස් රථ ඉන්ධන පිරවුම්හල් අසල ඉන්ධන පෝලිමේ දින ගණනක් තිස්සේ ඇතැයි ද සංගමය සඳහන් කර සිටිනවා.
ඒ අනුව හෙට දිනයේ දිවයින පුරා ධාවනය විය යුතු බස් රථ 15,000 අතරින් ධාවනය කළ හැක්කේ බස් රථ 3000ක් පමණක් බව ද පවසනවා.