උණුසුම් පුවත්
Search

අනිද්දා සිට පෞද්ගලික බස් ධාවනයත් නවතින ලකුණු

95

රට තුළ මේ වන විට පවතින දැඩි ඉන්ධන හිඟය හමුවේ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අනතුරු ඇඟවීමක් සිදුකරනු ලබනවා.

ඔවුන් පවසන්නේ ඉදිරියේ දී ප්‍රමාණවත් ලෙස ඩීසල් නොලැබුණ හොත් අනිද්දා (17) සිට දිවයින පුරා පෞද්ගලික බස් ධාවනය සම්පූර්ණයෙන්ම නතර කරන බවයි.

ඩීසල් නොමැති වීම හේතුවෙන් සමස්ත පෞද්ගලික බස් රථ සංඛ්‍යාවෙන් සියයට 20ක් පමණක් අද (15) ධාවනය කෙරෙන බව ගැමුණු විජේරත්න පවසයි.

පවතින තත්ත්වය හමුවේ ලංගම ඩිපෝ මගින් පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් ලබාදීම ද මේ වනවිට අත්හිටුවා ඇති බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.




Leave a Reply

Your email address will not be published.