උණුසුම් පුවත්
Search

මහ බැංකු අධිපති ධුරය වෙනස් කරන්නැයි අගමැතිගෙන් ජනපතිට යෝජනාවක්

286

මහ බැංකු අධිපති ලෙස දිනේෂ් වීරක්කොඩි පත් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයි වාර්තා වනවා.

වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ නිල කාලය මෙම මස අගදී අවසන් වීමට නියමිත අතර දිනේෂ් වීරක්කොඩි අගමැතිවරයාගේ ආර්ථික කටයුතු උපදේශකවරයා මෙන්ම කලක් බැංකු වල සභාපතිවරයකු ලෙසද කටයුතු කර තිබේ.

නන්දලාල් වීරසිංහ මහතා සහ අගමැතිවරයා අතර මත ගැටුමක්ද නිර්මාණය වී ඇති බව වාර්තා වෙයි.

එහෙත් ශ්‍රී ලංකා මහ බැංකුව මේ වන විට එය ප්‍රතික්ෂේප කර ඇත.

කෙසේ වෙතත් අගමැතිවරයාගේ ඉල්ලීමට ජනාධිපතිවරයා මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි වාර්තා වන්නේ.

අමාත්‍ය විෂය පථයන් ගැසට් කිරීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව ගැසට් කර ඇත්තේ මුදල් අමාත්‍යාංශය යටතේය.

උදයජීව ඒකනායක




Leave a Reply

Your email address will not be published.