හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන කියන්නේ ලංකාවේ හැමෝම ගොඩක් ආදරේ කරපු ජනාධිපතිවරයෙක්. ඒ වගේම එතුමාගේ කාලේ ලංකාවේ සාමාන්‍ය ජනතාව හිනාවෙලා සතුටින් හිටියා. කොහොම වුනත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ වැඩ නිසා රටේ ජනතාවට සතුට නම් අඩු වුනේ නෑ. 1951 සැප්තැම්බර් මස 03 වන දින උපන් එතුමා මේ වනවිට 70 වන වියෙහි පසුවෙනවා. බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ යාගොඩ දි උපත ලැබු ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ උතුරු මැද පළාතෙන්.
ඒ වගේම එම පලාතෙන් පත්වුන පළමු ජනාධිපති වරයා වන්නේත් ඔහුයි. 1989 දී දේශපාලනයට පිවිසෙන සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරයද, සෞඛ්‍යය අමාත්‍ය ධූරයද 2014 වර්ෂයේ විපක්ෂ සන්ධානයේ “පොදු අපේක්ෂක” ලෙස 2015 ජනාධිපතිවරණය සඳහා ඔහුගේ අපේක්ෂකත්වය නිවේදනය කරන කළා. ඒ වගේම එම මැතිවරණයෙන් එතුමා ජයග්‍රහණය කළා.
ඔහු විවාහ වෙන්නේ ජයන්ති පුෂ්පා කුමාරි සමඟයි. පුෂ්පා මැතිනිය සමග ඉතාම ආදරණීය ජීවිතයක් ගතකරන හිටපු ජනාධිපතිවරයා දරුවන් තිදෙනෙකුගේ ආදරණීය පියෙක්. සිරිසේන මහතාගේ ආදරණීය වැඩිමහල් දියණිය තමයි චතුරිකා සිරිසේන, ඒ වගේම ‘ජනාධිපති තාත්තා’ පොත රචනා කරන්නෙත් චතුරිකා, ඒ වගේම සිරිසේන මහතාගේ වගේම පුෂ්පා මැතිනියගේ අනිත් ආදරණීය දරුවන් දෙදෙනා තමයි දහම් සිරිසේන සහ ධරණී සිරිසේන.
ඉතින් අද අපේ මේ කතාබහේ කතා නායකයා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව ආසනයේ තරුණ බලමණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්වෙලා හිටපු දහම් සිරිසේන දේශපාලනයට පිවිසියත් ඉතාම නිහඬ ජීවිතයක් තමයි ගතකලේ. 2019 වසරේ මැයි නව වන දින නිපුනි සමග විවාහ වුන දහම් සිරිස්සෙන මේ වන විට ආදරණීය පිය පදවියට පත්වෙලා. ඉතින් දහම් සහ නිපුනි ඔවුන්ගේ පවුලට එකතු වුන පොඩ්ඩා එක්කගෙන ගිහින් සිරිසේන සීයා බලන්න…. ඒ වගේම ඒ අවස්ථාවේ සුන්දර චායාරූප කිහිපයක් සමාජ ජාලාවලට එකතු කරලා. ඒ ‘4th generation launched’ කියලා සටහනකුත් එක්ක….
