උණුසුම් පුවත්
Search
RANIL 1 1

ජනපති අද රෑ ජපානයට

58

තෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (25) රාත්‍රී ජපානය බලා පිටත්ව යාමට නියමිතය.

එහි දී ඔහු ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමටය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු රටවල් 217ක ආරාධිතයින් 700 දෙනෙකු පමණ මෙම අවමංගල්‍ය උත්සවයට සහභාගී වන බව වාර්තා වේ.

මේ හේතුවෙන් ජපානයේ ටෝකියේ අගනුවර විශේෂ ආරක්ෂක ක්‍රමවේදයක් යොදවා ඇති බව ද වාර්තා විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජපානය තුළ රැදී සිටින කාලය තුළ ජපානයේ නව අග්‍රාමාත්‍යවරයා සහ ඉහළ පෙළේ නායකයින් රැසක් සමග ද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.