උණුසුම් පුවත්
Search
ranil china

ජනපති රනිල්ගේ මුල්ම සංචාරය චීනයට ?

59

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නුදුරේදීම චීනයේ නිල සංචාරයක නිරත වනු ඇතැයි ආරංචි මාර්ග වලින් පැවසෙයි.

චීනයේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන රොයිටර් පුවත් සේවය සමග පැවති සාකච්ඡාවක දී මේ පිළිබඳව ඉඟි පළකර ඇතැයි දැනගන්නට ඇත.

මේ අතර වෙළඳ ආයෝජන හා සංචාරක ඇතුළු ක්ෂේත්‍ර වලින් අඛණ්ඩව සහයෝගය ලබා දෙන්නැයි චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා චීන රජයෙන් ඉල්ලා ඇත.

තේ, කුළුබඩු, ඇඟළුම්, මැණික් ඇතුළු නිෂ්පාදන මිලදී ගැනීම සඳහා චීන සමාගම් දිරිමත් කරන ලෙසද ඔහු වැඩිදුරටත් ඉල්ලා ඇත.

සුජිත් හේවාජුලිගේ

Source – Lankadeepa




Leave a Reply

Your email address will not be published.