උණුසුම් පුවත්
Search
ranil

සමාජ මාධ්‍ය නියාමනයට සැරසෙන ජනපති රනිල් අමරිකාවට කරුණු පහදයි

183

ෆේස්බුක්, එවීටර්, වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ගණනාවක හිමිකාරිත්වය දරණ ලෝ ප්‍රකට ”මෙටා” සමාගමේ ගෝලීය සම්බන්ධතා අංශයේ සභාපති, ශ්‍රීමත් නික් ක්ලෙග් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් ඇමරිකාවේ දී ඊයේ සිදුවූ බව වාර්ත වනවා.

එහිදී අන්තර්ජාලය ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වෛරී ප්‍රකාශ සහ අසත්‍ය ප්‍රචාර මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති නව ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිවරයා ශ්‍රීමත් නික් ක්ලෙග් වෙත කරුණු පැහැදිලි කර තිබේ.

ඒ වෙනුවෙන් ඉදිරියේ දී හඳුන්වාදීමට යෝජිත පනත මඟින් බලපෑමට ලක්වූවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හරහා ක්‍රියාමාර්ග ගත හැකි බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට යෝජිත විද්‍යුත් මාධ්‍ය නියාමන පනත් මගින් සමාජ මාධ්‍ය දැඩි නියමනයට ලක් කිරිම නිසා මෙටා වැනි ලෝප්‍රකට සමාජ මාධ්‍ය වේදිකාවන් ශ්‍රී ලංකාවෙන් බැහැරව යාමට බොහෝ සේ ඉඩ ඇති බව තොරතුරු තාක්ෂණ ප්‍රාමාණික‍යෝ පෙන්වා දෙයි.

එවැන්නක් සිදුවුවහොත් එය දැඩි සමාජ කැළබීමකට හේතුවිය හැකිබව ඔවුහු පවසති.