උණුසුම් පුවත්
Search
male

ජනපති ගෝඨාභයගේ සිංගප්පූරු ගමනට බාධා

199

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාලේ සිට සිංගප්පූරුව බලා යාමට නියමිතව තිබූ එස්.කිව් 437 සිංගප්පූරු ගුවන් යානයෙන් පිටත් නොවූ බව විිදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ආරක්ෂක හේතුන් මත ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ සහ ආරක්ෂකයන් දෙදෙනා එම ගුවන් යානයෙන් පිටත් නොවූ බව එම මාධ්‍ය සඳහන් කර ඇත.

සිංගප්පූරුව බලා පිටත්ව යාම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පෞද්ගලික ගුවන් යානයක් ලබා ගැනීම සඳහා සාකච්ඡා කරමින් සිටින බව ද මාලදිවයින් මාධ්‍ය වාර්තා කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (13) මාලදිවයින් වේලාවෙන් පස්වරු 11.25 ට සිංගප්පූරුවට පිටත් වීමට නියමිත තිබූ බැවින් මාලදිවයිනේ වෙලේනා ජාත්‍යන්තර ගුවන්තොටුපොළට දැඩි ආරක්ෂාවක් ලබා දී තිබූ බවත් සිංගප්පූරුවට යෑමෙන් පසු සිය ඉල්ලා අස්වීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත යැවිය හැකි බවත් විදෙස් මාධ්‍ය තවදුරටත් සඳහන් කරයි.




Leave a Reply

Your email address will not be published.