උණුසුම් පුවත්
Search
gota 1 3

හමුදා ජෙට් යානයකින් ජනපති රටින් පළා යයි – BBCය තහවුරු කරයි

432

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුධය සම්බන්ධයෙන් මහජන විරෝධතා මධ්‍යයේ ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටොනෝව් – 32 ( ඒ.එන්.- 32 ) වර්ගයේ ගුවන් යානයකින් රටින් පළා ගොස් ඇති බව BBC මාධ්‍ය තහවුරු කර සිටිනවා.

73 හැවිරිදි ඔහු මාලදිවයිනේ අගනුවර වන මාලේ වෙත දේශීය වේලාවෙන් 03:00ට (GMT 22:00) පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරයා,ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ ආරක්ෂක නිලධාරීවරයකු මෙසේ පිටත්ව ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ගෝඨාභය රාජපක්ෂගේ නික්ම යාම ”දශක ගණනාවක් ශ්‍රී ලංකාව පාලනය කළ පවුල් පෙළපතක අවසානය” ලෙස ද BBCය සිටිනවා.

පසුගිය සෙනසුරාදා ඔහුගේ නිවසට විශාල පිරිසක් කඩා වැදීමෙන් පසු ඔහු සැඟ වී සිට ඇති බවත් ජූලි 13 බදාදා ඉල්ලා අස්වීමට ජනාධිපතිවරයා මීට පෙර ප්‍රතිඥා දී තිබු බවත් එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ඔහුගේ සොහොයුරා වන හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද රට හැර ගොස් ඇති බව ආරංචි මාර්ග බීබීසීයට පවසා ඇති අතර ඔහු අමෙරිකාව බලා යන බව ද පැවසෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *