පාසල් සිසුන් සහ ගුරුවරුන් සතියකට දින 03 බැගින් කොටස් ලෙස බෙදා පාසල් කැඳවීමට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සමග ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පැවැති සාකච්ඡාවක දී මෙම යෝජනාව ඉදිරිපත් වී තිබෙනවා.
එමෙන්ම දුර ප්‍රදේශ වල සිට පාසැල් වෙත පැමිණෙන සිසුන් ළඟම පාසලට අනුයුක්ත කිරීමට ද එහි දී සාකච්ඡාවට ගෙන තිබේ.
රටේ ඇතිව තිබෙන ඉන්ධන අර්බුදය මත රජයේ ආයතන දින 04ක කාලයක් පමණක් පැවැත්වීමට ගෙන ඇති තීරණයට සමගාමීව මෙම වෙනස්කම් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද සිදු කිරීමට අපේක්‍ෂිත බව වාර්තා වේ.