උණුසුම් පුවත්
Search
cabinet

මෙරට ව්‍යාපෘති කාර්යාල 55ක් වසා දැමීමේ සූදානමක්

187

දැනට ක්‍රියාත්මක විශාල සේවක පිරිසක් සහිත මහා පරිමාන ව්‍යාපෘති කාර්යාල 55ක් වසා දැමීමට රජය තීරණය කර ඇත.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා සිටියේ ව්‍යාපෘති කාර්යාල සහ ව්‍යපෘති කළමනාකරණ ඒකක සමාලෝචනය කිරීමේ කමිටු වාර්තාව අනුව අමාත්‍ය මණ්ඩලය විසින් එම තීරණය ගත් බවය.

හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන එච්.ටී කමල් පද්මසිරිගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව ජනාධිපතිවරයා විසින් පත්කර තිබුණි.

එම කමිටු නිර්දේශ මත ව්‍යාපෘති කාර්යාල 32ක් අත්හිටුවීමට තීරණය කර තිබේ.

එමෙන්ම ව්‍යාපෘති කාර්යාල 46ක් අවම සේවක පිරිසක් යටතේ පවත්වාගෙන යෑමටත් අදාළ කමිටු වාර්තාව මගින් නිර්දේශ කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

කැබිනට් මණ්ඩලයේ දී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට භාජනය වූ බවත් එහිදී අමාත්‍යවරුන්ගේ ඉල්ලීම මත තව දුරටත් මෙම කාර්යාල 55ම වසා දමන්නේ ද යන අවසන් තීරණය ඉදිරියේ දී ගැනීමටත් ජනාධිපතිරයා එකඟත්වය පළ කර තිබේ.

ඒ අනුව කමිටු වාර්තාව පිළිබඳව ඉදිරියේ දී මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කිරීමට නියමිතය.