උණුසුම් පුවත්
Search
pregnant can

ගර්භණී කාන්තාවන්ට ඉන්ධන බූලියක් සූදානම් කරගන්නැයි දැනුම්දෙයි

389

ගර්භනී කාන්තාවන් තම දරු ගැබට මාස 07ක් වෙද්දී සකස් කරගත යුතු ඇඳුම් කට්ටලය සමඟ ඉන්ධන බූලියක්ද අමතරව සූදානම් කර ගන්නා ලෙස රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටී.

ඉන්ධන හිගය හේතුවෙන් ඇතැම් ගර්භණී කාන්තාවන්ට දරු ප්‍රසූතිය සඳහා රෝහල්ගත වීමට නොහැකි වීමේ තත්ත්වයක් මතු වී තිබීම මීට හේතුවයි.

එම සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු සඳහන් කරන්නේ ඉන්ධන බූලියක් ළඟ තබා ගැනීමෙන් කුමන හෝ වාහනයක් මගින් ගර්භනී කාන්තාවකට රෝහල් කරා යා හැකි වනු ඇති බවයි.

දරු ප්‍රසූතියක් රෝහලක දී සිදු කිරීම අනිවාර්ය බව ද ඇය අවධාරණය කර සිටින්නීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *