ලංකාවේ රංගන ශිල්පිනියන් අතරන් වඩාත්ම සුන්දර වගේම කෙටි කාලයකින් ප්‍රේක්ෂක හදවත් සොරාගන්න සමත්වුණ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි සඳනි ප්‍රනාන්දු කියන්නේ.
”හාරකෝටිය” ටෙලිනාට්‍ය හරහා කලා ලෝකයට පිවිසුන සඳනි මේ වනවිට ලාංකේය කලා ලෝකයට නැතුවම බැරි රංගන ශිල්පිනියක්.

මේ කතාබහ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න සඳනි ප්‍රනාන්දු සමගයි.
අපි දකිනවා සඳනි කියන්නේ වැඩිය කතාබහක් නැති ගොඩක් නිහඬ චරිතයක්, ඉතින් සඳනි ඔයා පොඩි කාලෙත් එහෙමද..?
”අම්මෝ නෑ….. පුංචි කාලේ මම ගොඩක්ම දඟ කෙල්ලෙක් කියලා අම්මා කියන්නේ, ඉස්සර මම හැම තැනම දුවලා පැනලා දඟ කරනවලු, හැබැයි මම දවසින් දවස වයසින් මුහුකුරා එද්දී ඒ දඟ ගතිය නැතිවෙලා තැම්පත් කෙනෙක් වුනා”

සඳනි රංගනයට විතරක් සීමාවෙලාද..?
‘නැහැ….! මම එහෙම එක තැනකට සීමාවෙලා ඉන්න කැමති කෙනෙක් නෙවෙයි. මම රංගනය වගේම මෝස්තර නිර්මාණ පැත්තට යොමුවෙලා ඉන්නවා, මගේ ආදරවන්තයා තමයි පියත් රාජපක්ෂ… එයා ගායකයෙක්. ඉතින් මම දැන් ගායනය ගැනත් ඔහුගෙන් ඉගන ගන්නවා, ඒ වගේම මම පියත් එක්ක ගීතයක් කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

මම කොහොමත් සරලව ඉන්න කැමති කෙනෙක්, ඉතින් කිසිම දෙයක් ගැන ඕනවට වඩා හිතන්නේ නෑ හැබැයි මම කිසිම වෙලාවක එක තැනක කොටුවෙලා ඉන්න කැමති නෑ….”

දැන් සඳනි කියන්නේ ගොඩක්ම ජනප්‍රිය චරිතයක්…. ඉතින් ඉස්සර හිටපු සඳනි නෙවෙයි දැන් ඉන්නේ සඳනි වෙනස්වෙලාද..?
”නැහැ! මොන තරම් දේවල් ලැබුනත් මොන තරම් ජනප්‍රියත්වයක් ලැබුනත් සඳනි කියන්නේ ඉස්සර හිටපු කෙල්ලමයි. එදත් අදත් මම වැඩියෙන්ම කැමති නිසහස් වෙලාවකට මාරවිල ගිහින් මුහුද දිහා බලාගෙන ඉඳලා එන්න…. සඳනි කියන්නේ එහෙම චරිතයක්. කවුරු හරි කෙනෙක් කියනවා නම් ඒක මගේ ගුප්ත ගතිගුණයක් කියලා, මම කියනවා ඒ තමා මගේ හැටි. මම ආසයි නිහඬව ජීවිතේ විඳින්න….’’

ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන සඳනි දැන් ඉන්නේ ලංකාවේ නෙවෙයි, ඇය මේ වනවිට ඉන්නේ ඇයගේ ආදරණීය පෙම්වතා වන පියත් සමග ඕස්ට්‍රේලියාවේ…

ඒ වගේම ඇය ඕස්ටේලියාවේ මෙල්බර්න් නගරයේ ඉඳන් ගොඩක් සුන්දර පින්තූර කිහිපයක්ම සමාජ ජාලාවලට එකතු කරලා තිබ්බා. ඉතින් ඒ පින්තූර වලට ගොඩක් ප්‍රතිචාර ලැබිලත් තියෙනවා දකින්න ලැබෙනවා.
