උණුසුම් පුවත්
Search
madona

බැක්ටීරියා ආසාදනයක් නිසා පොප් ගායිකා මැඩෝනා ජීවිතයත් මරණයත් අතර සටනක

312

පොප් ගායනා ලෝකයේ ජනප්‍රිය තාරකාවක් වන මැඩෝනා දරුණු ගණයේ බැක්ටීරියා ආසාදනයක් හේතුවෙන් සිහි මුර්ජාව රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය ජුනි 24 වනදා ඇයගේ තත්වය නරක අතට හැරීම නිසා රෝහල් ගත කළ බව ඇගේ කළමනාකරු ගයි ඔසේරි පවසා තිබේ.

Madonna é alvo de críticas por aparência no Grammy: “Está irreconhecível” | Metrópoles

ඇය ප්‍රතිචාර නොදක්වමින් සිහි විසඥ වූ බවත් බැක්ටීරියා ආසාදනයක් මත සිරුර දුර්වල වී ඇතැයි හඳුනාගත් බවත් ඔහු පැවසීය.

ඇය නිව්යෝර්ක් නගරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතර මේ වනවිට රෝහලේ දැඩි සත්කාර ඒකකයට (ICU) රැගෙන යාමෙන් පසු මැඩෝනාගේ ජීවිතය ගැන අනියත බියක් මතුව ඇතැයි ඇගේ ඥාතීන් ඩේලි මේල් වෙත පවසා තිබුණි.

Madonna's New Song 'I Rise' From 'Madame X' Album: Listen – Rolling Stone

64 හැවිරිදි ගායිකා මැඩෝනා සිය සංගීත දිවියේ වසර 40 සමරමින් මේ වසරේ ඉදිරි මාස කිහිපය තුළ ලෝකය පුරා ගමන් කරමින් සිදුකරන්නට ගිය සංචාරයන්ද කල් දමා ඇත. මැඩෝනා ලබන මාසයේ දින 84 ක සංචාරයක් දියත් කිරීමට බලාපොරොත්තු විය.

ඇගේ කළමනාකරුට අනුව, ආසාදනය “බරපතල” එකක් වන අතර එය “ICU හි දින කිහිපයක් රැඳී සිටීමට” හේතු විය හැකි එකක් යයි පවසා ඇත.

Madonna, I'm sorry for calling you 'desperate' | The Independent | The Independent

කෙසේ වෙතත් ඔහු පවසන්නේ වෛද්‍යවරු ඇයව බේරාගැනීමට උනන්දු බවත් සම්පූර්ණ සුවය අපේක්ෂා කරන බවත්ය.

මැඩෝනාට දරුවන් 6 දෙනෙකි. ඇගේ කුසින් උපන් ජීව විද්‍යාත්මක දරුවන් දෙන්නා 25 හැවිරිදි ලූර්ඩ් සහ 22 හැවිරිදි රොකෝ වන අතර ඇය දරුකමට හදාගත් අය වන්නේ 16 හැවිරිදි ඩේවිඩ් 16 හැවිරිදි මර්සි සහ 09 හැවිරිදි නිවුන් දරුවන් වන ස්ටෙලා සහ එස්ටෙරේ ය.