උණුසුම් පුවත්
Search
WAJIRA

”තට්ටු දෙකේ ඒවා තට්ටු තුනට හදන්න ඕන” – දේශපාලනඥයන්ගේ වැනසූ නිවාස ආයේ හදලා දෙන්න ඕන විදිය වජිර කියයි

45

ප්‍රචණ්ඩකාරී න් විසින් විනාශ කරන ලද දේශපාලනඥයින්ගේ සහ ව්‍යාපාරිකයින්ගේ සියලු නිවාස ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් නැවත ඉදිකර දිය යුතු බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

එසේ විනාශ කළ තනි තට්ටුවේ නිවාස තට්ටු දෙකටද තට්ටු දෙකේ නිවාස තට්ටු තුනටද නැවත ඉදි කළ යුතු බවයි ඔහු සඳහන් කරන්නේ.

ජනතා නියෝජිතයින් මරා දැමීම, ඔවුන්ගේ නිවාස ගිනි තැබීම ප්‍රජාතන්ත්‍රවාදය නොවන බව පවසන මන්ත්‍රීවරයා ම්ලේච්ඡ අදහස් දරන පිරිස් පාලනය කළ යුතු බවද කියා සිටී.

එවන් ප්‍රජාතන්තවාදී නොවන කටයුතු වලට බියේ ජීවත් වීමට වඩා මිය යාම හොඳ බවත් මෙවැනි වාතාවරණයක් පවතින්නේ නම් අනාගත පරපුර දේශපාලනයට නොපැමිණෙනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

වජිර අබේවර්ධන මෙසේ පැවසුවේ පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනුයි.

සුජිත් හේවාජුලිගේ




Leave a Reply

Your email address will not be published.