ලන්ඩන් අගනුවර අපවහන නළයකින් ලබා ගත් සාම්පල පරීක්ෂා කිරීමේ දී පෝලියෝ වයිරස විෂබීජ හමු වී ඇතැයි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ පවසයි.
පෝලියෝ වයිරස විෂබීජ ඇතුළත් එම සාම්පාල ලෝක සෞඛ්‍ය සංවිධානයට යොමු කිරීමට ද බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ ගැන විශේෂ අවධානයක් යොමු කර ඇතැයි ද පැවැසෙයි.
එන්නත්කරණය හරහා මහා බ්‍රිතාන්‍යයෙන් පෝලියෝ වයිරසය තුරන් කර දැමීම සිදුවූයේ මීට දශක 02කට පමණ පෙරය.
ඒ අනුව, පරිසරයෙන් පෝලියෝ වයිරස විෂබීජ හමුවීම කැලැඹිලිසහගත පුවතක් බවට පත් වී තිබේ.
කෙසේ නමුත් තවමත් මහා බ්‍රිතාන්‍යයෙන් කිසිදු පෝලියෝ ආසාදිතයකු වාර්තා වී නැත.
බ්‍රිතාන්‍ය මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද පර්යේෂකයන් පෙන්වා දෙන ආකාරයට ලන්ඩන් අපවහන නළයෙන් හමුවී ඇත්තේ පර්යේෂණාගාර තුළ වෛද්‍ය පර්යේෂකන්ගේ අධීක්ෂණය යටතේ පවතින පෝලියෝ වයිරස විෂබීජ වර්ගයකි.
”පර්යේෂණාගාර වල පෝලියෝ විෂබිජ හෝ වේවා ස්වභාවිකව පරිසරයේ පවතින පෝලියෝ විෂබීජ හෝ වේවා අවට පරිසරයේ තිබීම කුඩා දරුවන්ට තර්ජනයක්. ඒ නිසා ඒ ගැන අපගේ පූර්ණ අවධානය මේ සම්බන්ධයෙන් යොමු වී තිබෙනවා.” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
(රොයිටර්)