අලෙවියෙන් පසු මුදල් දෙන බව පවසමින් වාහන ලබාගෙන රුපියල් කෝටි ගණනක මුදල් වංචා කර සැඟව සිටින බව කියන හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ දියනියක විවාහ කරගෙන සිටින ‘බෑණන්ඩිය‘ යැයි කියන පුද්ගලයෙකු සොයා මහනුවර පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ඔහුගේ පියා ද මහනුවර ප්‍රධාන පෙළේ වාහන අලෙවිසැල් හිමිකරුවෙකු බව පැවසේ.
එකී පියාණන් මින් මාස 02කට පෙර වැඩි මිලට ඩීසල් අලෙවි කිරීමේ වරදකට පොලිස් අත්අඩංගුවට පත් වී ඇතැයි වාර්තා පළ වේ.
මහනුවර පොලිස් බල ප්‍රදේශයට අයත් මහයියාව ප්‍රදේශයේ කළක පටන් වාහන අලෙවිසලක් පවත්වාගෙන යන මොවුන් විකිණූ පසු මුදල් ගෙවන පදනමින් රට පුරා විවිධ පුද්ගලයින්ගේ වාහන රැගෙන පුද්ගලයින් රවටමින් මෙසේ වාහන අලෙවි කර ඇතැයි පරීක්ෂණ වල දී හෙළි වී තිබේ.
තම වාහනය අලෙවි කර මුදල් ලබා නුදුන් බව පවසමින් මුල්ම පැමිණිල්ල කර ඇත්තේ පොලොන්නරුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි.
ඒ ගැන විභාග කරන්නට බලද්දී සැකකරු අතුරුදන්ව තිබේ.
සැකකරුගේ පියාගෙන් පොලිසිය මේ පිළිබඳව ප්‍රශ්න කර ඇති අතර තම පුතු සිටින ප්‍රදේශයක් නොදන්නා බව ඔහු පොලිසියට පවසා ඇත.
මහයියාව වාහන අලෙවි සැලේ ගාල්කර තබා කොමිස් මුදලක් තබාගෙන වාහනය විකුණා මුදල් දෙන බව පවසමින් මෙම පුද්ගලයා දිවයිනේ පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් ම වාහන ලබාගෙන තිබෙන අතර මෙලෙස ලබාගත් තම වාහන විකුනා ඇතත් විකිණීමෙන් ලද මුදල ලබා නොදුන් බවට පොළොන්නරුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ඇතුළු ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු සැකකරුට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කර ඇත.
මහනුවර පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උවින්දසිරි මහතාගේ උපදෙස් මත සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී.