හෙට (08) සහ අනිද්දා (09) ජනාධිපති මන්දිරය ආශ්‍රිත ප්‍රදේශයට ඇතුලුවීම වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි පොලිසිය අද අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ අපරාධයක් සිදුවුවහොත් ඊට අදාලව පියවර ගැනීමට පොලිසියට බලතල ඇති බවයි.