උණුසුම් පුවත්
Search
madhavee

”කරුණාකරලා අප්පච්චි ගැන බොරු ප්‍රචාර යවන්න එපා” – මාධවී ඇන්තනීගෙන් ඉල්ලීමක්

200

ජැක්සන් ඇන්තනී කියන්නේ අපේ රටේ කලා ක්ෂේත්‍රයේ අලුත්ම පරිච්ඡේදයක් ආරම්භ කරපු ආදරණීය චරිතයක්. කලාවේ විද්‍යාලයක් බදු දැනුම් ගුහාවක්. ඔහු සතු ඒ සම කළ නොහැකි දැනුම නිසා බොහෝ දෙනෙක් එතුමාගෙන් එතුමාගෙන් ගුරුහරුකම් ලබා ගත්තා.

කලා ලොවේ සුවිශේෂීම රංගධර ජැක්සන් ඇන්තනී මහත්මයා මේ වන විට ගිලන් වෙලා රෝහල් සයනය මත නිහඬව කාලය ගත කරනවා. ඒ සම්බන්ධයෙන් ඔහුගේ සමීපතමයින් දන්නවා ඇත්තටම ඔහුට මොකද වුණේ කියලා. චිත්‍රපටයක් රූපගත කරලා යළි පැමිණෙමින් සිටින අතරතුර වන අලියෙකු හා ගැටීම නිසා ඔහුගමන් ගත් මෝටර් රථය අනතුරට මුහුණ දීමෙන් අනතුරුව තමයි ඔහු ඇතුළු දෙදෙනෙකු රෝහල්ගත කළේ.

image 143

අනතුරුව සැත්කමෙන් පසුව ඔහු පියවි සිහියට පැමිණියත් යලි අවාසනාවන්ත ලෙස ඔහුගේ සිහිය නැති වෙලා ගිහින් තියෙනවා. අද වන විට ඔහු සිහි මද ගතියෙන් යුතුව රෝහලේ සයනයක් මත තමයි කාලය ගෙවන්නෙ…. රෝහලේ වෛද්‍යවරුන්ගේ මතයට අනුව තව දුරටත් යන්ත්‍රයක් ආධාරයෙන් හදවත ක්‍රියාත්මක කරවීම එතුමාට හානියක්… ඒ නිසා එතුමාගේ පියවි සිහිය ගන්න බොහෝ දෙනෙක් වෙහෙස මහන්සි වෙලා වැඩ කරනවා.

image 144

මිනිස්සුන්ගෙ දුක ප්‍රයෝජනයට අරගෙන වංචා සහගත ලෙස වැඩ කරන මිනිස්සු ඉන්න සමාජයක ඇන්තනී පවුලටත් එහෙම අත්දැකීමකට මුහුණ දෙන්න වෙලා තියෙනවා.

image 146

ජැක්සන් ඇන්තනි මහත්මයාට යම් උපකරණයක් අවශ්‍යයි කියලා වංචනික පුද්ගලයෙක් යම් කතාවක් අරගෙන ගිහිල්ලා තියෙනවා. තාත්තගේ නම විකුණලා කරන මේ වැඩේ ගැන ජැක්සන් ඇන්තනී මහත්මයාගේ ආදරණීය දියණිය මාධවී වහ්සලා ඇන්තනී මුහුණු පොතට එකතු කරලා කරල තිබුනෙ මෙන්න මේ වගේ අදහසක්…..

image 145

”අප්පච්චිට සම්බන්ධ කිසිදු උපකරණයක් ගැන මම කිසිවෙකුට කියා නැත. කිසිවෙක් කියා ද නැත. ගිලන් උන් මතින් ප්‍රසිද්ධිය සොයන උන්මත්තකයෙක් එසේ ලියා ඇති බව දුටිමි. කරුණාකර බොරු ප්‍රචාර නොකරන්න.” යනුවෙන් ඇය සඳහන් කර ඇත.

image 147
image 148