ඉරුදිනි උමාලි තිලකරත්න කියන්නෙ සමාජ මාධ්‍ය තුළ වැඩිපුර දකින්න නොලැබෙන නමුත් අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත්ත ආදරණීය චරිතයක්.
රංගනයට, නර්තනයට, ගායනයට, සිතුවම්කරණයට, නිරූපනයට වගේම තවත් කලා හැකියාවන් රැසකට උරුමකම් කියන ඇය සැබවින්ම දක්ෂ තරුණියක්.
ඒ වගේම ජපන් භාෂා හැකියාව ප්‍රගුණ කර ඇති ඇය ජපන් සිනමාව තුළ ද සිය දස්කම් දැක්වූ රංගන ශිල්පිනියක් ලෙස ඉතිහාස පොත් අතරට එක්වනවා.

සම්මානනීය රංගන ශිල්පිනියක වන ක්ෂේත්‍රයේ නිහතමානී කෙනෙක් විදිහට හඳුනාගන්න උමාලි, වැඩිපුර සමාජ මාධ්‍ය සමඟ නොගැටෙන කෙනෙක් නිසා මේ පුවත නම් ඇය ගැන විශේෂ එකක් වුණා.

ඉතින් ඇය පසුගිය දවසක ඇගේ මුහුණු පොතට සටහනක් එක් කර තිබුණා.

ඇය එහි කියා තිබුණේ, පිරිසක් ඇගේ ඡායාරූපයක් භාවිත කරමින් ව්‍යාජ ප්‍රවෘත්තියක් නිර්මාණය කර ඇති බවයි.
ඒ නිසා, ඒවාට හසු නොවන ලෙසත් ඇය රසිකයින්ගෙන් ඉල්ලීමක් කර තිබුණා.
කතාබහට ලක්වු ඡායාරූපයේ ඉතිහාස කතාව ද ඇය එහි කියා තිබු අතර කොහොම වුණත් ඡායාරූපයේ ඉහළින් ඇය එය නේපාලයේ දී ලබාගත් සේයා රුවක් බවත් සඳහන් කර තිබුණා.
