උණුසුම් පුවත්
Search
piumi 1 1

ජැක්සන් ඇන්තනී එක්ක රඟ පෑ ඉන්දීය සිනමාපටයට වුණ දේ ගැන පියුමි කියූ කතාව

123

පියුමි හංසමාලි කියන නම නිරූපණය, රූපලාවණ්‍ය, ව්‍යාපාර කියන ක්ෂේත්‍ර ඔස්සේ වර්තමානයේ ජනප්‍රිය වුණාට මොකද ඇය රංගන ශිල්පිනියක් ද වනවා.

ඒ වගේම කලකට ඉහත ගීත රූප රචනාවලට එහෙමත් රංගනයෙන් දායක වුණු ඇය මීට වසර කිහිපයකට ඉහත ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී සමඟ ඉන්දීය සිනමාවේ ප්‍රධාන චරිතයක් සඳහා එක්කාසු වන බවට පුවතක් වාර්තා වුණා.

ඒ විතරක් නෙවෙයි එහි සේයා රූ එහෙමත් සමාජ මාධ්‍ය තුළ අතිශය කතාබහට ලක්වෙන්න ගත්තා.

නමුත් ඒ සිනමා සිත්තම ගැන ආයෙම අහන්න දකින්න ලැබුණෙ නෑ….

No photo description available.

සියල්ල අවසානයේ අවාසනාවන්ත අන්දමින් මෙරට කලාවට දැවැන්ත හිස්තැනක් ඉතිරි කර ජැක්සන් ඇන්තනී මහා රංගවේදියා ද දැයෙන් සමුගත්තා.

එතකොට ඔහු පියුමි එක්ක රඟපෑ චිත්‍රපටයට මොකද වුණේ ? ඒකට මොකද වෙන්නෙ ?? කාටත් ඒක ප්‍රශ්නයක්.

පසුගිය දවසක ජනප්‍රිය යූ ටියුබ් නාලිකාවක් හා එක්වෙමින් පියුමි හංසමාලි ම ඒ ගැන මේ විදියට කතා කරලා තිබුණා.

No photo description available.

”ඒක ජැක්සන් ඇන්තනී මහත්මයා හොස්පිට්ල් ඉන්න කාලෙදි, එයා ඒ හිටිය අවුරුද්දෙ අන්තිම අපිට එහෙන් කිව්වා ශූටින්වලට ලෑස්ති වෙන්න කියලා…. හරිම සතුටින් ලෑස්ති වුණා. මොකද මම ගොඩක් රඟපාලා නැති කෙනෙක්. ඉතින් ඇත්තටම ජැක්සන් ඇන්තනී මහත්මයා හරිම ආසාවෙන් හිටියා මේ ෆිල්ම් එක ලංකාවෙදි රිලීස් වෙනකන්….. මොකද මම රඟපාන්නත් ඇත්තටම දන්නෙ නෑ. එයා මට මාර විදියට ඒ දේවල් කියලා දුන්නා. අඬන සීන් එහෙම ගත්තා.. මං හිතන්නෙ 2016 විතර. මං හිතන්නෙ දැන් ඒක කෙරෙන්නෙ නෑ එතුමන් නැති නිසා. ඉතින් අපි බලමු…

No photo description available.

අපි ප්ලෑන් කරලා තියෙනවා ඒ චිත්‍රපටයෙ ඉතුරු කොටස් ටික අරගෙන, මං අද මාධවීටත් කිව්වා අපි එහෙට කතා කරලා බලලා අපි අකිලව දාලා ඒක කරමු කියලා. මොකද මට හරි ආසයි. මගෙ මහත්තයා කැමති නෑ මම රඟපානවට, මියුසික් වීඩියෝ කරනවට, ටීවි කමර්ෂල් කරනවට…. මොකද එයාට ඕනි මම බිස්නස් වුමන් කෙනෙක් විදියට ඉන්න. නමුත් මට ආසයි එක නිර්මාණයක් කරන්න. දැන් මම වයසට යනවා… දැනටත් 31ක් 32ක් විතර වෙනවා. එතකොට මට ෆිල්ම් එකක් කියලා කාට හරි පෙන්නන්න… මගෙ යාළුවෙක්ට මම ෆිල්ම් එකක් කරා කියලා හරි පෙන්නන්න එහෙම ආසාවක් තියෙනවා…. එහෙම නැතුව හිතන්නෙ නෑ මම රඟපායි කියලා…”

ඡායාරූප : facebook