ලංකාවේ ප්‍රසිද්ධ කාන්තාවක් විදියට පියුමි හංසමාලි හඳුන්වන්න පුළුවන්, කාලෙන් කාලෙට විවිධ මාතෘකා හරහා හැමෝගෙම අවදානය දිනාගන්න සමත්වුණ පියුමි හංසමාලි කියන්නේ. ඉතින් මේ කතාබහ උපුටා ගන්නේ ඇයත් සමඟ කළ සාකච්චාවකින්.
පියුමි කියනකො බලන්න ඔයාගේ පුංචි කාලේ විස්තර ටිකක්?
”මගේ උපන් ගම රාජගිරියේ, අපේ පවුලේ එකම දරුවා මම…. එයා යකා කියන්නේ නිකන් නෙවෙයි නේ..? අපි බොහොම සාමාන්‍ය පවුලක්…. අම්මට තාත්තට එහෙමකට සල්ලි තිබ්බේ නෑ, මම ඉගන ගත්තෙත් දුප්පත් ළමයි ඉන්න පාසලක. ඉකොලේ කාලේ මම වැඩිය ඉගන ගන්න දක්ෂ නෑ…. මොකද මට පාඩම් කරන ඒවා මතක හිටින්නේ නෑ, ඒ නිසා එකොළහේ පන්තියෙන් මගේ පාසල් ගමන නතර කරලා දැම්මා….”

ඔයාගේ ප්‍රථම ප්‍රේමයට මොකද වුනේ?
”මොනවා වෙන්නද එයා එක්ක තමයි මම විවාහ වුනේ, බැඳලා අවුරුද්දකට පස්සේ තමයි මට පුතා ලැබුනේ…. ඒ වෙද්දී මට වයස අවුරුදු 19යි, බබත් ලැබිලා අවුරුදු දෙකක් විතර ගියාට පස්සේ තමයි අපිට තේරුනේ අපි අතරේ නොගැලපීම් ගොඩක් තියෙනවා කියලා…. ඉතින් අපි තීරණය කළා වෙන වෙනම ජීවිතේ ගෙවන්න, එයා දැන් ආයේ විවාහ වෙලා ඉන්නේ…. මමත් එහෙමයි, අපි අතර ප්‍රශ්න නෑ…. තාමත් අපි කතාබහ කරලා ඉන්නවා”

අළුත් අළුත් පැෂන් කරන එකට දැන් සැමියා මොනවත් කියන්නේ නැද්ද..?
”අනේ නෑ…. එයා තමයි කියන ඕන පැෂන් කරන්න කියල, එයා හරිම කැමතියි මම ලස්සනට ඉන්නවට…. ඕනෑම හස්බන්ඩ් කෙනෙක් කැමතියි වයිෆ් ලස්සනට ඉන්නවට, ලංකාවේ ගොඩක් කාන්තාවන් විවාහ වුනාට පස්සේ තමන්ගේ රූපය ගැන හිතන්නේ නෑ…. ලංකාවේ පවුල් ආරවුල් වැඩිවෙන්නේ ඒ හේතුව නිසා. ජිම් යන්න සැලුන් යන්න නේල් ස්පා යන්න සල්ලි නැත්තන් ගෙදර ඉඳන් කරන්න පුළුවන් දේවල් හරි කරන්න….”

ඉතින් මේ විදියට ආදරේ දිනාගෙන ඉන්න පියුමි පහුගිය දවසක කාගේත් ආවදානය දිනාගන්න සමත්වුනා… ඉතින් ඒකට හේතුව තමයි ඇය දාලා තිබ්බ ස්ටෝරි එකක්, එකේ සඳහන් වෙලා තිබ්බේ ”මහත්තයාගේ ගෙදරටට ආවා එයාගෙ ගෙදර cctv Check කරන්න මටපොඩි සැකයක් ආවා ඒ වෙලෙ දැක්කා ඉතිං මෙ පිංතූරය තියලා” ලෙසයි.

පියුමිගේ අලුත් සැමියා කලින් තරුණියක් සමග හොටෙල් එකක ඉඳලා පියුමිගේ අතටම හසුවෙලා තිබ්බ කියලා ඇයම සඳහන් කර තිබුණා. නමුත් මේ වතාවෙ නම් පියුමිට සැමියාගේ කිසිම රහසක් අල්ලගන්න පුළුවන් වෙලා නෑ…”