පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය පුරාම කතා බහට ලක්වුණු තරුණ යුවළක් ගැන බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබුණා.
ඔවුන් දෙන්නා ෆේස්බුක් සමූහයකින් ඉල්ලීමක් කර තිබුණේ ඔවුන්ගේ මංගල ඡායාරූපයක් ඉන්දියානු ක්‍රමයට නිර්මාණය කරලා දෙන්න කියලායි.
එක එඩිට් එකක් ඉල්ලපු මේ දෙන්නට සෑහෙන්න ඡායාරූප ගොඩක් තෑගි ලැබිලා තිබුණා. ඒ විතරක් නෙවෙයි දෙන්නගෙ ෆොටෝ ශූට් කරලා දෙන්නත් සෑහෙන පිරිසක් ඉදිරිපත්වෙලා තිබුණා.
ජනප්‍රිය රූපලාවණ්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි ඒ අතරින් තවත් චරිත දෙකක් ලෙස බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබුණා.
ඔන්න ඉතින් ඔහු මේ යුවළගේ මංගල ඡායාරූපයක සිහිනය එකකින් නොව, සුන්දරම සේයා රූ ගොඩක එකතුවකින් මේ විදියට හැබෑවක් කරලා තිබුණා.
මේ කාරණාව සඳහා පියුමි හංසමාලි මූලික වීම ගැන බොහෝ දෙනාට ඇත්තේ ඉතාමත් සතුටකි.
ඉතින් බොහෝ දෙනා එම සිදුවීම අගය කර තිබෙනු දක්නට ලැබුණා.