පියුමි හංසමාලි කියන්නේ හැමදාමත් අලුත් පුවත් මවන කෙනෙක් කියලා ඔයාලාට අමුතුවෙන් කියලා දෙන්න ඕන වෙන්නේ නැහැනේ. කාලෙන් කාලෙට සෝෂල් මිඩියා වල ප්‍රධාන මාතෘකාවක් බවට පත්වෙන පියුමි වර්තමානයේත් හැමෝගෙම ප්‍රධාන කතාන්තරය බවට පත්වෙලා ඉන්නවා. ඉතින් ඇයගේ හොඳම හයලුවාත් රටම හඳුනන කෙනෙක්. ඔහු චන්දිමාල් ජයසිංහ, චන්දිමාල් එක්ක පියුමිගේ තියෙන්නේ අවුරුදු හතක පමය යහළු කමක් කියලයි ඇය කියන්නේ.

ඒ වගේම චන්දිමාල් පියුමි ගැන කියලා තිබුනේ මට හමුවුන ලස්සනම හදවත තියන කෙනා ඔයා කියලයි. චන්දිමාල් එහෙම කියද්දී පියුමි ගැන ප්‍රේක්ෂකයින් නම් විවිධ අදහස් පළකරනවා. ඇයව විවේචනය කරන අයටත් සැරටම උත්තර දෙන්නත් පියුම් අමතක කරන්නේ නැහැ. ඉතින් මෑතක ඉඳලා ඇයගේ පෙම්වතා එක්ක සිද්දවුන ප්‍රශ්නයක් ගැන හැමතැනකම කතාකරන්න පටන් ගෙන තියනවා.

පසුගිය දවසක පියුමිගේ සහ චන්දිමාල්ගේ යහලුකම තවත් අලුත් කරමින් පුදුම සහගත තෑග්ගක් දීලා තිබුනා ඒ ගැන චන්දිමාල් කිව්වේ මෙහෙම කතාවක්. මගේ හොඳම යාලුව ඇපල් 14 pro මැක්ස් එකක් ගත්තා. එයාටත් එකක් අරන් මටත් එකක් අරන් දුන්නා, එහෙම තමයි හොඳම යාළුවො වුනාම. ගොඩාක් ස්තුතියි පියුමි ඔයාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන.

ඇත්තටම මගේ ජිවිතේ ගොඩක් මිනිස්සු ආශ්‍රය කරලා තියනවා. වාසියට විතරක් ලඟට ඇවිත් ගිය අයත් ඉන්නවා. එහෙම මිනිස්සු අතරේ පියුමි ඔයා මගේ ජීවිතේට මුණගැහුන ලස්සනම හදවත තියන කෙනෙක්. හොද යාලුවො කවදාවත් වැටෙන්න දෙන්නෙ නැ අල්ලගෙනම ඉන්නවා. හැම දුකකදිම සතුටකදිම එකට ඉන්න යාලුවෙක් ලබන්නත් පිං කරන්න ඕන.

ඉතින් මේ විදියට පියුමිගේ සහ චන්දිමාල්ගේ යහලුකම ගැන පවසලා තිබුනා. පියුමි කියන චාරිත්‍ර ගැන ටික දෙනෙක් විවේචන කරද්දී තවත් අය හොඳ කියනවා. ඇයනම් කියන විදියට කිසිම කෙනෙක් ආශ්‍රය කරලා බලන්නේ නැතුව කවුරුත් කියන පලියට මිනිස්සුන්ට කතා හදන්න හොඳ නැහැ. මාව ලඟින්ම ආශ්‍රය කරන අයනම් දන්නවා මන් ගැන. දැකලාවත් නැති මිනිස්සු ටිකක් තමයි බොරුවට කතා හදන්නේ.
