අපේ රටේ බොහෝ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගෙන සුන්දර රංගන ශිල්පිනියක් තමයි සඳනි ප්‍රනාන්දු කියන්නේ. සඳනි රංගනයට පිවිසෙන්නේ ස්වර්ණවාහිනියේ විකාශනයන වුන හාර කෝටිය ටෙලිනාට්‍යයේ රශ්මි කියන චරිතය හරහායි… ඉන්පසු ඇය රංගනයෙන් දායක වුන සියලුම නිර්මාණ ඉතාම ජනප්‍රිය වුනා. මේ කතාබහ උපුටා ගන්නේ සඳනි එක්ක කළ සාකච්ඡාවකින්.
සඳනි ගොඩක් නිහඬ චරිතයක් නේද?
”මාව මුණගැහෙන හැමෝම වගේ ඔය ප්‍රශ්නේ මගෙන් අහනවා… මම ගුප්ත කෙනෙක් වගේ හැමෝටම පෙන්නේ…. ඒත් මම ගුප්ත නෑ, ක්ෂේත්රයට ආපු දවසේ ඉඳලම බොහෝම ඉවසීමෙන් මම ඒ දිහා බලාගෙන ඉන්නේ…. සමහර වෙලාවට මගේ හිතට එන හැඟීම් මට වචන කරන්න තේරෙන්නේ නෑ, ඒකයි මම කතා කරන්නේ නැත්තේ….”
ඔබට කලාකාරිනියක් විදියට රංගනයෙන් විතරක් ජීවත් වෙන්න පුලුවන්ද?
”මේ දවස්වල හැමෝටම ප්‍රශ්න.. ඒත් ඉතින් හරියට මේ ෆීල්ඩ් එකේ ඉන්නව නම් මොනවම හරි කරගන්න පුළුවන්, මම මේ ෆීල්ඩ් එකට එන්නේ වයස අවුරුදු 18න්. අද මම ගොඩක් හොඳ තැනක ඉන්නවා කියලා මම හිතනවා… හැබැයි ඉතින් මේ ක්ෂේත්රයේ ඉන්නව නම් වෙන වෙන දේවල් කරන්න හොඳ නෑ, චරිත ගන්න ගොඩක් අලුතෙන් එන අය වැරදි දේවල් වලට යොමු වෙනවා…. එකෙන් වෙන්නේ මේ ෆීල්ඩ් එකයි, තමන්ගේ ආත්ම ගරුත්වයයි දෙකම නැතිවෙන එක, ඉතින් මම නම් කියන්නේ අපි යන ගමන හිතට එකඟව හරියට යන්න ඕන…”

සඳනි කියන්නේ මේ වන විට පෙම්වතියක්… ඒ වගේම සඳනි ආදරයෙන් බැඳිලා ඉන්නේ ජනප්‍රිය ගායකයෙක් වන පියත් රාජපක්ෂ සමඟ කියලා කවුරුත් දන්නවා…. ඉතින් සඳනි, පියත් කියන්නේ ඔබගේ ප්‍රථම ප්‍රේමයද?
”ඇත්තම කියනවනම් පියත් කියන්නේ මගේ පලවෙනි පෙම්වතා නම් නෙවෙයි, හැබැයි මම දැන් ආදරේ කරන්නේ එයාට….”

දැන්ම විවාහ වෙන්නේ නැද්ද?
”දැන්ම නම් මට විවාහ වෙන්න අදහසක් නෑ… මොකද මට තාම වයස 23යි.. ඉතින් 25 – 26ක් වගේ වෙනකන් ඉඳලා තමයි විවාහ වෙන්නේ…. මොකද මේ කාලේ මේ විදියට විඳින්න ඕන, වගකීම් ගොඩක් වැඩියිනේ විවාහ වුනාම…..”







