උණුසුම් පුවත්
Search
Untitled design 49

” මිනිස්සු ඒ දවස් වල මට කිව්වා මම ව්‍යාපාරිකයන්ගෙන් යැපුණා කියලා ” – අනූෂා රාජපක්ෂ

280

අනූෂා රාජපක්ෂ කියලා කියන්නේ නිරූපණ ක්ෂේත්‍රය ඔස්සේ කාගේත් ආකර්ෂණය දිනාගත් සුරූපී යුවතියක්. ඒ වගේම එවකට මිස් ශ්‍රී ලංකා තරගාවලියේ අවසන් පස් දෙනා අතරට තේරී පත් වුණු ඇය ඉන්පසුව තමයි මොඩ්ලින් සඳහා සිය දායකත්වය ලබා දෙන්නේ. සිනමා ක්ෂේත්‍රය ඔස්සේත් ටෙලි නිර්මාණ ඔස්සේත් අපට ඇයව රංගන ශිල්පිනියක් විදියට දැක බලාගන්නට පුළුවන් වුණා. නමුත් දැන් නම් ඇය රංගන දිවියෙන් ඈත් වී සිටින අතර සිය සැමියා සහ දරුවා සමග ඕස්ට්‍රේලියාවේ පදිංචි වී සිටිනවා. ඉතින් ඇය සමග කළ කතාබහක දී ඇය පිළිබඳව රසිකයන් නොදන්නා බොහෝ තොරතුරු කිව්වේ මේ විදියට.

13417423 492113000977322 6477740313640159118 n

“ඇත්තටම මගේ විවාහය නිසා තමයි ලංකාව අතහැරලා ඕස්ට්‍රේලියාවේ පදිංචියට යන්නේ. ලංකාවට එන්න මගෙ මහත්තයට ඒ තරම් ආසාවක් තිබුනේ නැහැ. මම මේ රටෙන් ගියා කියලා මේ ෆිල්ඩ් එකේ අයගෙන් මට කිසිදු බලපෑමක් ආවේ නැහැ. ඒ දවස්වල අපි හරි සමගියෙන් වැඩ කළේ. ඕස්ට්‍රේලියාවට ආවට පස්සෙ මම චයිල්ඩ් කෙයාර්’’ පාඨමාලාවක් කළා. එයින් ඩිප්ලෝමාවක් ලබාගත්තා. දැන් මම ‘‘චයිල්ඩ් කෙයාර්’’ එකක වැඩ කරනවා.

20245909 664952213693399 8700161259326385256 n

මම රංගනයට වඩා ආසා කළේ මොඩ්ලින් පැත්තටයි. එතනදී නිරූපිකාවක් විදිහට කටයුතු කරන ගමන් මම ‘‘ඉවෙන්ට්ස්’’ සම්බන්ධීකරණය කළා. ඇත්තම කියනවා නම් ඒ දවස්වල ටෙලිනාට්‍ය රඟපෑවාට ලොකු ගණනක් හෙව්වේ නෑ. දැන් ඒ තරම්වත් ගෙවනවාද කියලා මම දන්නේ නෑ. දවසට ‘‘ඩේ පේමන්ට්’’ ගෙවන්නේ. ඊට වඩා මොඩ්ලින් ෆීල්ඩ් එකේ අපිට සල්ලි ලැබෙනවා. ඒ නිසා තමයි ටෙලි නාට්‍යවලට මම එතරම් කැමැත්තක් නොදැක්වූයේ.

119095353 1412813862240560 7144492600479232278 n

මිනිස්සු ඒ දවස් වල මට කිව්වා මම ව්‍යාපාරිකයන්ගෙන් යැපුණා කියලා. ඔවුන් කියනවා නම් මම ව්‍යාපාරිකයන්ගෙන් යැපුණා කියලා. මම 60-70 මිනිහෙක් බැඳලා ආවේ නැහැනේ. ඇත්තටම මගේ හස්බන්ඩ් මට වඩා අවුරුදු 3ක් බාලයි. මම මට වඩා බාල කොල්ලෙක් බැන්දේ. ඒ හින්දා අද අපි හරි සතුටින් ඉන්නේ. සමහරුන්ට එ්කත් වැරැදි ඇති. මම මොනවා කරන්නද? කටකතා කියපු මිනිස්සුන්ට දැන් කටවල් වැහිලා ඇති. “ කියලයි.

48355568 934413840080567 1896818473158311936 n