පසුගිය දා වත්කම් ඉපැයීම සම්බන්ධ පැමිණිල්ලක් මුදල් විශුද්ධිකරන චෝදනාවන්ට ලක්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂාවකට මුහුණ දෙමින් සිටින ප්‍රසිද්ධ නිරූපන ශිල්පිණී පියුමි හංසමාලී ප්‍රකාශයක් ලබාදීමට අද (01) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට පැමිණියාය.
සැකසහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපොළ උපයාගෙන ඇතැයි කියමින් ලද පැමිණිල්ලකට අනුව සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීමට තමන්ට එන්න කියූ නමුත් තමන් අත වරදක් නැතැයි කියමින් එහිදී ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ කියා සිටියාය….
”අද ආවේ … මුළු ලංකාවම දන්නවානෙ, මට එන්න කියලා තියෙනවා කටඋත්තරයක් දෙන්න. නීතිවිරෝධී වත්කම් එකෙන්, අර දාපු කම්ප්ලේන් එකට. ගිය සතියේ සඳුදා තමයි එන්න කියලා තිබුණෙ. නමුත් සෙනසුරාදා ලෙටර් එක ලැබුණේ. සඳුදාට එන්න බෑ, මොකද ඩොකියුමන්ට් ගොඩක් තියෙනවා හදාගන්න. තාමත් හදලා නෑ, පුළුවන් ටික හදාගෙන ආවෙ. බෑන්ක් ස්ටේට්මන්ට්ස් තියෙනවා. ඕඩර්ස් 25,000ක් ගිහින් තියෙනවා. ලංකාවේ මිනිස්සුන්ට තීරණය කරන්න පුළුවන් මගේ ක්‍රීම් පැක් එකක්ම 35,000ක් විතර වෙනවා. ඉතින් එයාලාට ගණන් හදලා බලන්න පුළුවන් පියුමි හංසමාලිට කොහෙන්ද සල්ලි ආවේ කියලා.
වැරදි කරලා නෑනේ අයියා, ඉතින් බය නැතුව ආවා. වැරදි කරපු අය තමයි බය වෙන්න ඕනේ. වැරදි බිස්නස් කරපු මිනිස්සු බයවෙන්න ඕනෙ, චකිතයකින් ඉන්න ඕනෙ. අනේ මම මම දෙයක් ඉගෙන ගෙන ඇවිල්ලා අහිංසක බිස්නස් එකක් කරන්නේ. බෑන්ක් ස්ටේට්මන්ට් පොහොර බෑග් 5ක් වගේ තියෙනවා.
අපි හැමදේම කළේ බෑන්ක් හරහා. මොකද ඉදිරියේදී මෙහෙම ප්‍රශ්න එයි කියලා හිතුවා. කෑෂ් ඔන් ඩිලිවර් ගිය අපේ ඕඩර්ස් ඒ හැමදෙයක්ම බෑන්ක් හරහා තමයි කළේ. ඉතින් අද මුළු ලංකාවට දැනගන්න පුළුවන් පියුමි හංසමාලි සල්ලි හම්බකරලා තියෙන්නෙ කුඩු විකුණලාද, කළු සල්ලි සුදු කරලාද කියලා…
මිනිස්සුන්ට ඉරිසියාව තියෙනවා. හොඳ වාහනයක් පදිනකොට නැති කෙනෙක්ට ඉරිසියායි. ලංකාවේ මිනිස්සු කොහොමත් කුහකයි. ඉතින් ලංකාවේ හැමෝම කුහක නෑ. මම ඉගෙන ගෙන දෙයක් කරලා බිස්නස් කරලා වාහනයක් ගන්න බැරි ද? මම හම්බ කරලා මට හොඳ වාහන ගන්න බැරිද ?”