උණුසුම් පුවත්
Search
pushpika

”ඡන්ද ගැන කතාකරන්නවත් මිනිස්සු කැමති නෑ, ඒ වුණාට මට දේශපාලනයට එන්න කියලා ගොඩක් අය කියනවා” – පුෂ්පිකා ද සිල්වා

388

ලාංකේය විවාහක රූ රැජින තරඟයෙන් තමයි ඇයව මුලින්ම කරලියට ආවේ. පුෂ්පිකා ද සිල්වා ගැන එතැන් සිට විවිධ පුවත් මැවෙන්න පටන් ගත්තා.

කෙසේ නමුත් මේ වන විට සිය ව්‍යාපාරික සැමියාගෙන් වෙන්ව එකම දරුවා සමඟයි ඇය වාසය කරන්නේ.

ජනප්‍රියත්වය සහ ජනතා ආදරේ ලැබෙන නිසා පුෂ්පිකා දේශපාලනයට එනවා කියලත් කතාවක් යනවා. ඒ ගැන වගේම ඇය දැන් ගෙවන ජිවිතේ ගැනත් අදහස් දක්වලා තිබුනේ මෙහෙමයි.

”ඉදිරියේදී ලොකු වෙනසක් කරන්න හිතාගෙන ඉන්නවා, මන් හිතන්නේ ඒක දැන්ම කියන්න ඕන නැහැ කියලා…..

image 161

නිරූපනයට අවේ විනෝදාංශයක් විදියට කරන්න ඕන නිසයි. විවාහයෙන් පස්සේ පුතා ලැබෙන්න ඉද්දි නිරුපන කටයුතු වලින් ඈත් වුනා. පුතා දැන්නම් ටිකක් ලොකුයි, ඒත් එහෙම කියලා එයාගේ වැඩ වලින් මිදෙන්න බැහැ….

7 5

පුතාට මම පුදුම විදියට ආදරෙයි…. ඒ නිසා හැමදේකටම වඩා එයාට තමයි මුල් තැන දෙන්නේ. දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් විදියට මටත් ලොකු වගකීමක් තියනවානේ. ඒක නිසා මගේ රැකියාවයි පුතාගේ වැඩයි සමබරව කරගෙන යනවා…..

image 160

හැමදාම අපිට ක්ෂේත්‍රය ඇතුලේ ඉන්නත් බැහැ, කාලෙන් කාලෙට අලුත් අය එනවා. එතකොට අපි දක්ෂ කෙනාට අනිවාර්යෙන්ම මුල්තැන දෙන්න ඕන. මට දැනෙන විදියට අලුතින් ක්ෂේත්‍රයට එන පිරිසට හොඳ මග පෙන්වීමක් ලැබෙන්න ඕනේ…..

image 162

අපේ ජිවිත වල සමහර කාල වලට හැරවුම් ලක්ෂ එනවා. මටත් එහෙම හැරවුම් ලක්ෂයක් තියනවා, ඉදිරියේදී දේශපාලනය ගැන පුංචි අදහසක් තියාගෙන ඉන්නවා….. හැබැයි කිසිම වෙලාවක මට වාසියක් ගන්න තුන් හිතකවත් නැහැ….

8 7
image 163

මොකද දැනටමත් ලැබෙන්න ඕන හැම වරප්‍රසදයක්ම මම ලබාගෙනයි ඉන්නේ. සැප සම්පත් ඕනෑතරම් මට තියනවා… ඉතින් චන්දෙ ඉල්ලලා දිනුවා කියලා ඒ දෙවල් වලින් සැප විඳින්න ඕන නැහැ…. අපේ රටේ දුක් විදින අහිංසක මිනිස්සු වෙනුවෙන් දෙයක් කරන්න ලොකු ඕනෑකමක් තියනවා. මාත් එක්ක ඉන්න ලොකු පිරිසක් කියනවා ඔයා දේශපාලනේට එන්න කියලා…. ඒක ගැන තාමත් හරියටම තීරණයක් නැහැ…. රටේ තියන තත්වයත් එක්ක ඡන්ද ගැන කතාකරන්නවත් මිනිස්සු කැමති නැහැනේ…. අපේ රටේ වැරදි දේශපාලන ප්‍රතිපත්ති නිසයි එහෙම තත්වයක් උදා වුනේ…”

image 164
image 165
image 166
6 7

Source – Rata wasiya




Leave a Reply

Your email address will not be published.