උණුසුම් පුවත්
Search
kavindya

”මිනිස්සු කොයිවෙලෙත් අපේ පවුලට මඩ ගහන්න බලාගෙනයි ඉන්නේ” – කාවින්ද්‍යා අධිකාරි

742

කවින්ද්‍යා අධිකාරි කියන්නේ අමුතුවෙන් හඳුන්වාදිය යුතු කෙනෙක් නෙමෙයි. අපේ ගායන ලෝකයේ ඉන්න දක්ෂ, ජනප්‍රිය ගායිකා සමිතා මුදුන්කොටුවගේ සහ අතුල අදිකාරිගේ ආදරණීය දියණිය යි. ඒ කොහොම වුණත් ඇයටම අනන්‍ය හඬ විලාසයකින් ප්‍රේක්ෂක ආදරය ඇද බැද තබා ගන්නට සමත්වන ගායිකාවක් තමයි. සමාජ මාධ්‍ය ජාලා වල ප්‍රධාන මාතෘකාවක් වෙලා තියෙන්නේ සමිතාගේ ආදරනීය කැදැල්ල. ඉතින් මෙම ආදරණීය කැදැල්ලට අතුලගේ වෙන් වීමත් එක්ක තවත් අමුත්තෙක් එකතු වෙනවා. ඔහු තමයි චිරන්ත ගුණවර්ධන.

image 1

ඉතින් චිරන්ත සමගින් විවාහ වුන සමිතා ඇතුළු සිය පවුලට ආදරය කරන රසික පිරිසක් වගේම මඩ ප්‍ර හාර එල්ල කරන පිරිසකුත් සිටිනවා. ඒ කොහොම වුණත් විවිධ චෝදනා මධ්‍යයේ චිරන්ත – සමිතා යුවළ සතුටින් කාලය ගත කරන බවයි ඔවුන් පවසන්නේ.

image

ඉතින් පසුගිය දිනක කවින්දයා අධිකාරි මාධ්‍ය සාකච්චාවකදී මෙම ප්‍රේක්ෂකයන්ගේ විවිධ චෝදනා වලට මුහුණ දෙන ආකාරය ගැන මේ විදිහටයි අදහස් දක්වලා තිබුණේ.

image 2

”අපේ පවුලට කොයි වෙලාවෙත් මඩ ග හන්න බලාගෙන ඉන්නේ…. මිනිස්සු හිතුවේ නැති වුණාට සමහර තැන් වල ඒවා ගොඩක් වදිනවා. ඩිප්‍රෙෂන් වලට යනකම්ම වගේ වද දෙන වෙලාවල් තියෙනවා. එහෙම උනාම හිතෙනවා මේ ඔක්කොම නවත්තලා දාලා ගෙදරට වෙලා ඉන්න. වැඩි හරියක්ම මම ආසත් ගෙදර ඉන්න…. ෆේස්බුක් එන්නත් කලින් අම්මට බලපාපු ගොඩක් දේවල් තිබුණා. ෆේස්බුක් ඒ කාලෙ තිබුනෙ නැහැනෙ. පස්සේ පස්සේ එක්ස්පීරියන්ස් එක්ක නැව ගිලුනත් බෑන් චූන් වගේ එයා ඉන්නේ. මාත් එයා දිහා බලාගෙන තමයි ඉගෙන ගත්තේ….”

image 3