උණුසුම් පුවත්
Search

පවිත්‍රාට ලැබෙන්නට තිබූ ඇමති ධුරය ඩයනා ගමගේට

309

මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහින්ද රාජපක්ෂගේ හා ගොඨාභය රාජපක්ෂගේ බලය සිඳීයමින් පවතින බවටත් ඔවුනගේ හිතවතුන්ට තානාන්තර ලබාදීම වෙනුවට නව සැලසුමකට වැඩ කරගෙන යන බැසිල්ගේ උවමනාවන්ට ඉඩදී ඇතැයි ද වාර්තා වනවා.

ඒ අනුව පසුගියදා ජනපති අලුතින් ගැසට් කළ කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය ධුරය මහින්ද හිතවාදී පවිත්‍රා වන්නිආරච්චිට ලැබෙන්නට නියමිත බවට පැවති ආරංචි බොරු කරමින් එම තනතුරට බැසිල් හිතවාදී ඩයනා ගමගේ පත්කිරීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි වාර්තා කරයි.

අලුත් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය තුල කිසිඳු කාන්තාවක නියෝජනය නොවන අතර මේ හේතුවෙන් මෙම තනතුර අනිවාර්යෙන්ම කාන්තාවකට ලබාදිය යුතු බවට අදහස් පළවීමෙන් පසුව ඩයනා මීට යෝජනා වී ඇත.

පාර්ලිමේන්තුවේ ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකරමින් කලෙක සිට පුවත් මවන්නියක වන ඩයනා, තමන්ට වගකිව යුතු අමාත්‍යංශයක් ලබාදුනහොත් රට වෙනුවෙන් සේවය කළ හැකි බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් ද කර තිබුණි.

පසුගිය අප්‍රේල් මස ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ධුරය ද ඇයට පිරිනැමුණ නමුත් මැයි 09 වනදා කැබිනට් මණ්ඩල ඉවත්වීම සමග එම ඇමති ධුරය ද අහෝසි විය.




Leave a Reply

Your email address will not be published.