උණුසුම් පුවත්
Search
women pakistan

සැමියා විසින් බිරිඳට අහිමි කළ ජීවිතය බඳුනක දමා තම්බයි

4390

පාකිස්ථානයේ කරච්චි නුවර ගුල්ෂාන්-ඊ-ඉක්බාල් ප්‍රදේශයේ පාසලක මුරකරුවකු ලෙස සේවය කරන පුද්ගලයෙක් සිය බිරිඳ ඝාතනය කර මුළුතැන්ගෙය තුළ දී බඳුනක දමා තම්බා ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇය දරුවන් 06 දෙනකුගේ මවකි.

කරච්චි හි ගුල්ෂාන් ඊ ඉක්බාල් හි 04 වැනි බ්ලොක් හි පිහිටි පෞද්ගලික පාසලක සේවය කරන මෙම මුරකරු මෙලෙස සිය බිරිඳව ඝාතනය කර ඇත.

ඔහු විසින් මුළුතැන්ගෙයි වට්ටියක, සිය බිරිඳගේ සිරුර දරුවන් ඉදිරියේ තම්බා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පිළිකුල් සහගත ක්‍රියාවේ එක් සාක්ෂිකරුවෙකු වූ මොවුන්ගේ 15 හැවිරිදි දියණිය සිද්ධිය පිළිබඳව ප්‍රාදේශීය පොලිසියට දැනුම් දීමෙන් පසුව සිද්ධිය කරළියට පැමිණ ඇත.

මෙම ම්ලේච්ඡ ක්‍රියාවට හේතුව කුමක් දැයි පොලිසිය මෙතෙක් අනාවරණය කරගෙන නැතත් සැමියා විසින් බිරිඳට අනියම් සබඳතා නවත්වන ලෙස බල කර ඇති බවත් ඇය තම ඉල්ලීම් වලට අවනත නොවීම නිසා ඇයව ඝාතනය කර ඇතැයි අනුමාන කෙරේ.

කෙසේ නමුත් සැකකරු විසින් දරුවන් තිදෙනෙකු ද රැගෙන පළා ගොස් ඇති අතර අනෙක් දරුවන් තිදෙනා පොලිස් භාරයට ගෙන ඇත.

මේ වන විට සැකකරු සොයා පොලිස් පරීක්ෂණය දියත්කොට ඇත.

image 395

Source – opindia.com




Leave a Reply

Your email address will not be published.