උණුසුම් පුවත්
Search
chandima

”සාම්පල 24කින් 20ක්ම සැර කොවිඩ් ප්‍රභේදයයි” – ආචාර්ය චන්දිම ජීවන්දර

51

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය කොවිඩ් රෝගීන් 24 දෙනෙකුගේ ජෛව පටල සාම්පල ජාන විශ්ලේෂණයට ලක් කිරීමේදී ඉන් සාම්පල 20කම තිබී හමු වී ඇත්තේ වේගවත් පැතිරීමක් සහිත ප්‍රබල ඔමික්‍රොන් බී.ඒ 5 කොවිඩ් අනු ප්‍රභේදය බව එම අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

බී.ඒ අනු ප්‍රභේදය සහිත රෝගීන් බොහෝ දෙනකු කොළඹ සහ ඒ අවට ප්‍රදේශ වල අය බව ද හෙතෙම සඳහන් කළේය.

කොවිඩ් රෝගීන්ගේ ජෛව පටල සාම්පල ජාන විශ්ලේෂණය කිරීමේ (සැර කොරෝනා ප්‍රභේද සෙවීමේ) තවත් පරීක්ෂණයක් ලබන 8 වෙනිදා සිදු කරන බව සඳහන් කළ ඔහු එම පරීක්ෂණය මඟින් ද කොවිඩ් පැතිරීම සම්බන්ධයෙන් තවත් තොරතුරු සොයා ගැනීමට අපේක්ෂා කරන බවද සඳහන් කළේය.

ලෝකය පුරා මේ දිනවල තදින්ම පැතිරෙන්නේ මේ නව අනු ප්‍රභේදය බවත් මේ ප්‍රභේදය හේතුවෙන් ඉදිරියේදී යම් අවදානම් තත්වයක් මතු වීමට ඉඩ ඇති බවත් මහාචාර්යවරයා කීවේය.

ජනතාව මෙනිසා සෞඛ්‍ය නීති නිසියාකාරව පිළිපදිමින් කටයුතු කිරීම වැදගත් බව සඳහන් කළ චන්දිම ජීවන්දර මහතා විශේෂයෙන්ම සෙනග ගැවසෙන ස්ථාන වල මුව ආවරණ පැළඳ කටයුතු කළ යුතු බව ද සඳහන් කළේය.

මෙම අනු ප්‍රභේදය සමග රටේ කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් පෙනෙන්නට ඇතැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)




Leave a Reply

Your email address will not be published.