අපේ රටේ ”පවුල්” සංකල්පය ගැන සමාජය තුළ විවිධ මත තියෙනවා. ඉතින් මේ පවුල් රටේ විවිධ ක්ෂේත්‍ර වල ඉදිරියෙන්ම සිටින අතරම ගොඩක් දෙනෙක් ප්‍රසිද්ධයි. කලා ක්ෂේත්රය, දේශපාලන ක්ෂේත්රය ගත්තම පවුල් තුළින් එම විෂයන් ගලා යනවා දකින්න පුළුවන්. ඉතින් මේ විදියට කලා ක්ෂේත්රයේ හැමදාම වගේ කතාබහට ලක්වෙන පවුලක් තමයි ”ප්‍රියසාද් පවුල” කියන්නේ.
හැමදාම වගේ පුවත් මවන මේ පවුල ගැන අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕන නෑ.
ප්‍රියසාද් පවුලේ අලුත්ම පුවතක් අපි ඊයේ දිනයේත් ගෙන ආවා.
අද කියන්න යන්නෙත් ඒ කතාවේම තවත් පැත්තක් ගැන.
ප්‍රියසාද් සොයුරියන් ගත්තම දිනක්ෂි, ශේෂාද්‍රි සහ ශනුද්‍රි තමයි කලා ක්ෂේත්රයේ බොහෝ දක්ෂතා දක්වමින් පෙනී සිටින්නේ.
ඒ වගේම පසුගිය කාලයේ ඔවුන්ගේ පෞද්ගලික ජීවිත වලත් විශේෂ වෙනස්කම් රැසක් සිද්ධ වුණා.
දිනක්ෂි සහ සාරංග නම් මව් – පිය පදවි ලබපු හැටියේ ඒ ගැන මුලින්ම ඔබට කියන්නත් අපිට පුළුවන් වුණා.
ඒ වගේමයි ශේෂාද් සහ ක්‍රිෂාන් මේ වන විට මව් – පිය පදවියට උරුමකම් කියලා තියෙනවා.
ඉතින් පසුගිය (17) වෙනිදා උපත ලබපු දියණිය ගැන ඊයේ දිනයේ ශේෂාද්‍රි සමාජ මාධ්‍යට හඳුන්වා දී තිබුණා.
සමාජ මාධ්‍ය වල නිරතුරුවම කැපී පෙනෙන චරිතයක් වෙන දිනක්ෂිත් අද මේ ගැන රටටම කියලා.
ඒ තම සොයුරියගේ අලුත උපන් දියණිය ක්රිශාර්යා සහ සිය දියණිය සාරන්‍යා එක්ක අලුත් වුණ පවුලේ ඡායාරූපයකුත් සමාජ මාධ්‍යට එක්කරමින්.
එම ඡායාරූපය පහතින්.
