උණුසුම් පුවත්
Search
MANEL

”අපේ පවුලෙන් මුල් කාලේ ආනන්දට අකමැති වුණා” – මානෙල් වානගුරු

2388

අපේ රටේ කලා ක්ෂේත්‍රයේ තුළ ඉන්න ජ්‍යෙෂ්ඨතම රංගන ශිල්පී යුවළක තමයි මානෙල් වානගුරු සහ ආනන්ද වික්‍රමගේ කියන්නේ. ඔවුන් දෙදෙනා කලාවට කල සේවාව නිසාවෙන්ම අද වන විට විවිධ නිර්මාණ හරහා ප්‍රේක්ෂක අපි අතරට ආව නිසාම අද වන තුරුත් ඔවුන්ගේ ජනප්‍රියත්වය කිසේත්ම අඩුවක් නෑ.

image 119

ඒ වගේම මේ යුවළට ආදරය කරන පිරිස් බොහෝයි. ආනන්ද වික්‍රමගේ සහ මානෙල් වානගුරු යුවළට උපන්න පුතුන් දෙදෙනාත් කලාවේ නොමැකෙන මතක එකතු කල ජනප්‍රිය රංගන ශිල්පීන් දෙදෙනෙක්. ඔවුන් නමින් කවුරුත් හඳුනන ජනිත් වික්‍රමගේ සහ සංකේත් වික්‍රමගේ. මේ වන විට සංකේත් වැඩිය දැක ගන්න ලැබුණෙ නැතත් ජනිත් නම් විවිධ කලා නිර්මාණ, නිවේදන ක්ෂේත්‍රය හරහා අපි අතරට එනවා.

ඉතින් වේදිකාව, පුංචි තිරය සහ සිනමාව එක ලෙස ආක්‍රමණය කල මානෙල් වානගුරු සහ ආනන්ද වික්‍රමගේ යුවළට දරුවන් කුඩා කාලයේ පටන් ඕනෑ කර තිබුණේ හොද අධ්‍යාපනයක් දෙන්න. නමුත් ඔවුන් කලාවට දක්ෂතා දක්වපු නිසා ඔවුන්ට හිමි නිවැරදි මාර්ගය ඔස්සේ ඉදිරියට යන්න දෙමාපියන් විදියට මේ දෙදෙනා කටයුතු කලා.

image 120

ඉතින් ආනන්ද වික්‍රමගේ සහ මානෙල් වානගුරු හමු වුණ ආකාරය ගැන මේ විදියටයි මානෙල් වානගුරු ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනිය අදහස් දක්වලා තිබුණේ.

image 121

”මම නාට්‍යයක් නැරඹීමට ගිය වෙලාවක ඒකේ ප්‍රධාන නළුවා විදියට රගපෑවේ ආනන්ද. අර වයසක මනුස්සයාට රගපෑවේ කවුද කියලා ඇහුවම යාලුවෙක් කිව්වා ආනන්ද කියලා. ඊට පස්සේ වැනීසියේ වෙළෙන්දා නාට්‍යයේ අපි දෙන්නම රගපෑවා. එතනදි අපේ හිතවත්කම ආදරයකට පෙරලුනේ. අපේ පවුලෙන් මුල් කාලේ ආනන්දට අකමැති වුණා. පස්සේ හැමෝගෙම ආශිර්වාදය ලැබුණා….”

image 122