අපේ රටේ නමක් දිනා සිටින රූප ශ්‍රීයෙන් අනූන කලා තරුවක් තමයි තාරුකා වන්නිආරච්චි කියන්නේ.
ඒත් තාරුකා මේ වෙනකොට නම් තරමක් කලා කටයුතු වලට අඩුවෙන් තමයි සම්බන්ධ වෙන්නේ. ඒ ඇය පුංචි පුතෙකුගේ මවක් වීමත් ඒ වගකීම් සමුදායත් ඇයට පැවරෙන නිසාත් විය යුතුයි.
කොහොම නමුත් තාරුකාගේ රසිකයින්ගේ ආදරය නම් නොකඩවාම ඇය වෙත ගලා යනවා. එකට හොඳම සාක්ෂිය සමාජ මාධ්‍ය තුළින් දැකගන්නට පුළුවන්..
කලාවෙන් කොයි තරම් ඈත් වෙලා හිටියත් ඇය ව්‍යාපාරික සැමියා සමඟ රට රටවල් රැසක සංචාරය කරන්නට නම් අමතක කරන්නේ නෑ.
ඉතින් මෑතක දී ඇගේ සංචාරය අතරතුර ලබාගත් අපූරු ඡායාරූප පෙළක් තමයි මේ….