උණුසුම් පුවත්
Search
Untitled design 26

කවද හරි ජොන්ටි රෝඩ්ස් වෙන්න හීන මවන අපේ අශේන් බණ්ඩාර

312

ක්‍රිකට් ක්‍රීඩාවේ තරගයක් කණපිට පෙරළෙන්නට එක් උඩපන්දුවක් හොඳටම ඇතියි. කවුරුන් කුමක් කිව්වද පසුගිය ලෝක කුසලානය පවා ශ්‍රී ලංකාවට ගිලිහී ගියේ දුර්වල පන්දු රැකීම උඩය. නමුත් දැන් ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි පන්දු රකින්නෙකු බිහිවී ඇත. පසුගිය ආසියා කුසලානයේ අවසන් මහා තරගයේදී අතිරේක ක්‍රීඩකයෙකු ලෙස පිටියට පැමිණි ඔහු රැකගත් අති විශිෂ්ට උඩපන්දුව අදටත් අපිට අමතක නැත. තමන් ලෝකයේ විශිෂ්ටම පන්දු රකින්නෙකු බව යළි යළිත් ඔප්පු කරන මෙකී ක්‍රීඩකයා වෙන කවුරුත් නොව අශේන් බණ්ඩාරය. මෑත කාලයේ පිතිකරුවන්ට තර්ජනයක් වන මේ සුපිරි ක්‍රීඩක යාගෙන අදහස් දැක්වූවේ ආදරණීය මව…

317391396 208122301584087 2300594781407116336 n

අම්මා කියන විදිහට පුතාගේ ගති ලක්ෂණ ගෙන එයා…. ” පුතා ගැන නම් සතුටුයි කියලා තමයි කියන්න තියෙන්නේ. ඇත්තටම එයා මෙතැනට එන්න ගොඩාක් කැපකිරීම් කළා. ඒ කැපකිරීම්වල ප්‍රතිඵල තමයි මුළු රටම මේ දකින්නේ. අශේන්ගේ පුහුණුකරු නිතරම කිව්වා පුතා ක්‍රිකට්වලින් ඉහළටම එනවා කියලා. පුතා නිතරම කියන්නේ එයාට ලෝකේ හොඳම පන්දු රකින්නා වෙන්න ඕන කියලා.”පොඩි කාලේ නිදාගන්න යනකොට පුතා බැට් එකයි බෝල අරගෙනම යන්නෙ කියලා අම්මා කිව්වේ මෙන්න මෙහෙම….”ඒක නම් ඇත්ත. පුංචි කාලේ ඉඳන්ම අශේන්ට තිබුණේ එසේ මෙසේ ක්‍රිකට් උණක් නෙවෙයි. මට මතක විදිහට එයා වයස අවුරුදු තුනක් වෙනකොට බැට් බෝල ඉල්ලුවා. ඒ දවස්වල නම් නිදාගන්න ඇඳට යන්නෙත් බැට් එකයි බෝලෙයි අරන්. අනික තමයි ගෙදරට කවුරු හරි ආවත් ඒ එන්නේ කවුරු වුණත් එයාට ක්‍රිකට් ගහමු කියනවා. ඒ වෙලාවට ඉතින් ඒ එන කෙනා බෝල් දාන්න ඕන පුතාට ගහන්න. සමහර දවස්වලට නෑදෑයන්ට එහෙමත් කෝල් කරලා ක්‍රිකට් ගහන්න එන්න කියනවා.”

310918620 199054359157548 2222083646028569121 n

පුතා ක්‍රිකට් වලට පැමිණීම අම්මා අපිත් එක්ක කිව්වේ මෙන්න මෙහෙම… ‘අපි ගාල්ලේ ඇල්පිටියේ. පුතා මුලින්ම ඉස්කෝලේ ගියේ සුමංගලෝදයට. එතැනින් පස්සේ ගාල්ල ඇලෝසියස් විද්‍යාලයට ගියා. ඔය අතරේ පුතා ක්‍රිකට්වලට තිබුණු උනන්දුව එක්ක ගාල්ලේ ක්‍රිකට් ඇකඩමියකට සම්බන්ධ වුණා. ඒ හරහා තමයි ක්‍රිකට්වලට ආවේ. ඊට පස්සේ පාසලේදිත් ක්‍රිකට් ක්‍රීඩා කළා. ඔය විදිහට ඇවිත් තමයි ජාතික කණ්ඩායමට එකතුවෙන්න ලැබුණේ.” ‘මුලින්ම ජාතික කණ්ඩායමට තේරුන ආරංචිය ලැබිච්ච එක එයාලා කොහොම දරා ගත්තා ද කියන එක අම්මගේ කටින් ප්‍රකාශ වුණේ මෙහෙම…. පුතාව මුලින්ම ජාතික කණ්ඩායමට තේරුණා කියන ආරංචිය එද්දි හිතාගන්න බැරි වුණා. එයාගේ උනන්දුවයි කැපවීමයි පුහුණුකරුවන්ගේ හරි මගපෙන්වීමයි නිසා තමයි මෙච්චර පොඩි වයසකදි අශේන්ට ශ්‍රී ලංකා කණ්ඩායමට එන්න ලැබුණේ. අශේන් ගැන කවුරුත් කතා කරන්න පටන් ගත්තේ පසුගිය ආසියානු කුසලානයත් එක්ක එදා අශේන් අතිරේක ක්‍රීඩකයෙක් විදිහට හිටපු නිසා ක්‍රීඩා කරයි කියලා නම් හිතුවේ නෑ. ඒත් එයාට එදා පන්දු රකින්නෙක් විදිහට හරි ක්‍රීඩා කරන්න ලැබුණු අවස්ථාව ගැන අපි ගොඩාක් සතුටු වුණා. ඉතින් පුතා ඒ තරගයේදී විශිෂ්ට උඩපන්දුවක් රැකගත්තා. ඒ නිසා තමයි එයාට එදා තරගයේ හොඳම පන්දු රකින්නා වෙන්න හැකියාව ලැබුණේ.පුතා පුංචි කාලේ ඉඳන්ම එයාගේ තාත්තා එක්ක ක්‍රිකට් මැච් බලනවා. ඒ බලපු නිසා තමයි එයා ජොන්ටි රෝඩ්ස්ව දන්නේ. ඉතින් ඒ කාලේ ඉඳන්ම එයා කියනවා එයාටත් ජොන්ටි වගේ වෙන්න ඕන කියලා. මට මතකයි පොඩි කාලේ අශේන් පුතා සමහර වෙලාවට ජොන්ටි රෝඩ්ස් පන්දු රකින විදිහට අපිට රඟපාලත් පෙන්නනවා.

310336920 197441169318867 6523529104943658679 n

ක්‍රීඩකයෙක් ලෙස අශෙන් පුතාගෙන් අම්මා බලාපොරොත්තු වෙන ඉදිරි ගමන පිළිබඳව එයා කිව්වේ මෙන්න මෙහෙම කතාවක්…අශේන්ගේ අම්මා විදිහට මමත් ආසයි පුතාගේ හීනයම දකින්න. ඒ තමයි එයා දවසක ලෝකේ හොඳම පන්දු රකින්නා වෙනවා දකින එක. මං හිතනවා මගේ පුතා බොහෝම ඉක්මනට ඒ තැනට එයි කියලා.

272649290 148067930922858 4586956422671297011 n