උණුසුම් පුවත්
Search
president pool

ජනපතිගේ නාන තටාකයේ සබන් ගා නාපු අය අල්ලන්න මෙහෙයුම්

61

ජනාධිපති මන්දිරයට කඩා වැදී එහි පිහිනුම් තටාකයට බැස සබන් ගා දිය නෑමේ යෙදුණු පුද්ගලයන් දෙදෙනකු හඳුනාගෙන ඇතැයි පොලීසිය සඳහන් කරණවා.

මෙම පුද්ගලයන් ජනාධිපති මන්දිරයේ පිහිනුම් තටාකයට බැස සබන් ගා නාන දර්ශන ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් ශ්‍රී ලංකාව ලෝකයේ ඉදිරියේ හාස්‍යයට ලක් වූයේ යැයි පසුගියදා ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සඳහන් කළා.

ඉන් එක් අයකු බදුල්ල ප්‍රදේශයේ දුෂ්කර ගම්මානයක පදිංචි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු බවත් අනෙක් පුද්ගලයා තලවාකැලේ ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් හෙළි වී තිබෙනවා.

ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වමින් සිටිනවා.

කෙසේ නමුත් දිවයින පුරා ප්‍රදේශ රැසකින් පැමිණි ජනතාව අතරින් බොහෝ පිරිසක් මෙම තටාකයේ බැස නාන අයුරු එම දින කිහිපය තුළ සමාජ මාධ්‍ය ඔස්සේ ද සංසරණය වනු දැකගන්නට ලැබුණා.




Leave a Reply

Your email address will not be published.