රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය රාජකාරී සඳහා පමණක් අවශ්‍ය සේවකයන් පමණක් සේවයට කැඳවීම් කරන ලෙස දැනුම් දෙමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා ගැසට් නිවේදනයක් හෙට (24) නිකුත් කිරීමට නියමිතය.
ඉන්ධන ඇතුළු විවිධ ගැටළු වලට පිළියමක් වශයෙන් කැබිනට් මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයකට අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතව ඇත.
සේවයට කැඳවිය යුතු අත්‍යවශ්‍ය නිලධාරීන් තීරණය කිරීම ආයතන ප්‍රධානියාට පැවරීම ඇතුළු උපදෙස් එම ගැසට් නිවේදනයේ ඇතුලත් කොට ඇතැයි ද වාර්තා වේ.