උණුසුම් පුවත්
Search
sheril

”විවාහය නැති කරගන්න එක සිම්පල් දෙයක්” – රුවන් හෙට්ටිආරච්චි

416

ගායන ලෝකය තුළ ගොඩක් දෙනෙක් ආදරේ කරන බොහෝ දෙනෙක්ගේ ආකර්ෂණය දිනා ගත්තු කටහඬක් උරුම වෙච්චි ආදරණීය ගායකයෙක් තමයි රුවන් හෙට්ටිආරච්චි කියන්නේ. ඔහු විසින් ගායනා කරපු ඒ ගීත නිර්මාණ වලට ලැබුණු ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර නිසාම තමයි ගොඩක් අය රුවන් කියන චරිතයට මේ තරම් ආදරෙයි කරන්නේ.

රුවන් ගැන කතා කරද්දී තවත් අමතක අමතක කරන්න බැරි ම චරිතය තමයි ඔහුගේ ආදරණීය බිරිඳ ශෙරිල් ඩෙකර්. ෂෙරිල් කියන්නෙත් රංගන ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන දක්ෂ නිළියක් වෙච්ච කෙනෙක්. එදා ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ ”අමා” ටෙලි නාට්‍ය හරහා තමයි ශෙරිල් කියන චරිතය අපිට දැක බලාගන්න අවස්ථාව උදා වුණේ.

image 181

නමුත් ඊට පස්සේ විවිධ මියුසික් වීඩියෝ වල රංගනයෙන් දායකත්වය දැක්වුත් ඇය ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ නිරත වෙලා ඉන්නවා නං අපි දැකලා තිබුණේ නැහැ. මොකද ෂෙරිල් ටිකක් වැඩ අඩුවෙන් බාරගන්න කෙනෙක් කියලා තමයි හැමතිස්සෙම සඳහන් කළේ. කොහොම නමුත් ඇයට රුවන්ව හම්බ වෙන්නේ හරි අහඹු සිදුවීමක් විදිහටයි.

image 182

එක්තරා දවසක ඇය රුවන්ට දුරකථන ඇමතුමක් දෙනවා ඒ ඔහුගේ ගීතයකට හදවතින්ම සුබ පතලා. ඒ වෙද්දී ඇය ගොඩක් දෙනෙක් අතර ප්‍රසිද්ධ නැහැ. කොහොම හරි මේ දුරකථන ඇමතුමට පස්සේ රුවන් නැවත වතාවක් ඇයට කතා කරනවා. ඒ ඔහුගේ පළවෙනි මියුසික් වීඩියෝවේ රූප රචනයට ඇයට රංගනයෙන් දායකත්වය දක්වන්න ආරාධනාවකුත් එක්ක.

image 180

කොහොම හරි මේ සම්බන්ධතාවය පසු කාලීනව විවාහය දක්වා ගෙන යන්න හැකියාව ලැබුණේ ඔවුන් දෙදෙනා හරි අපූරු පෙම්වතුන් බවට පත් කරමින්. යාලුවුණු අලුත පැය ගණන් මේ දෙන්නම දුරකථනයෙන් කතාබහ කරලා තියෙනවා. ඒ වගේම දෙන්නාට දෙන්නා හොඳ අවබෝධයකින් තමයිලු මේ වගේ තීරණයක් ගත්තේ.

ඒදා රුවන්ගෙ ගීත වලට ආදරය කරපු ෂෙරිල් අද වෙද්දි ඔහුගේ මුළු ජීවිතයටම ආදරේ කරන්න පටන් අරන්. මේ වෙද්දි මේ දෙන්නම විවාහ වෙලා බොහෝ කාලයක් වෙනවා. සමාජ මාධ්‍ය හරහා නොයෙකුත් දෙනා මේ දෙන්නාගේ විවාහයට විවිධ ආකාරයේ මඩ ප්‍රචාරයන් එල්ල කළා. නමුත් ඒ කිසිම දෙයක් ගනන් ගන්නේ නැති ෂෙරිල් සහ රුවන් කියන්නේ හැමදාමත් දෙන්නට දෙන්නා අවංක වෙනවා නම්, ජීවිතයේ ජීවත් වෙන්න ඉතාමත් පහසුයි කියන දේ. ෂෙරිල් එක්ක ගත කරන ඒ සුන්දර ජීවිතය ගැන රුවන් කිව්වේ මේ වගේ කතාවක්.

image 177

“අපි දෙන්නා බැඳලා දැන් අවුරුදු 10ක්. ඉතින් ජීවිතයට අභියෝග ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. නොයෙකුත් දේවල් වලට මුහුණ දෙන්න සිද්ධවෙනවා. හැබැයි ඒ හැම අවස්ථාවකදීම දෙන්නගෙ තේරුම් ගැනීම වැදගත්. ඒ තේරුම් ගැනීමත් එක්ක ඉස්සරහට යන්න ඕනි. මොකද විවාහ වීම ඉතාමත් අමාරු දෙයක්. ඒක නැති කරගැනීම සිම්පල් දෙයක්….”

image 179

ඉතින් රුවන් රුවන් හෙට්ටිආරච්චි මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරේ දී ප්‍රේක්ෂකයන්ට කිව්වේ වගේ සුන්දර පණිවිඩයක්. ඔවුන් දෙන්නගේ විවාහ ජීවිතයෙත් හැලහැප්පීම් නැතුවම නෙවෙයි. ඉතින් ඒ සියලුම දේවල් හරිම හොඳින් තේරුම් අරගෙන විසඳ ගන්නවා කියලත් සදහන් කළා. ඒ විදිහටම තවත් බොහෝ කාලයක් ආදරෙන් සතුටින් ඉන්නට ලැබේවා කියා අපිත් එක්ක සිතින් මේ ආදරණීය කලාකරුවන් දෙදෙනාට ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

image 178