කොවිඩ් වෛරස ආසාදනයට ගොදුරු වන සෑම 20 දෙනකුගෙන් එක් අයෙකුට දිගුකාලීන කොවිඩ් ආසාදනය හෙවත් ‘ලෝන්ග් කොවිඩ්’ වැළඳිය හැකි බව ස්කොට්ලන්තයේ පර්යේෂකයන් පිරිසක් විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයක දී අනාවරණය වී තිබෙනවා.
ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් මෙම පර්යේෂණය සිදුකර සිටිනවා.
ඒ අනුව මෙම අධ්‍යයනයේදී හෙළි වී ඇත්තේ දරුණු ලෙස කොවිඩ් වෛරසය ආසාදනය වී රෝහල්ගත කෙරෙන අය වැඩි වශයෙන් මෙම ලෝන්ග් කොවිඩ් ආසාදන තත්ත්වයට ගොදුරු වීමේ අවදානමක් පවතින බවයි.
මූලික පහසුකම් නොමැති ප්‍රජාවන්ට අයත් වැඩිහිටි කාන්තාවන් මෙම රෝගී තත්ත්වයට වැඩි වශයෙන් ගොදුරු වන බව ද පර්යේෂකයින් පවසනවා.
ලොව පුරා රටවල් රැසක පුද්ගලයින් කොවිඩ් වෛරසයට ගොදුරු වූ අතරම බොහෝ පිරිසකට ජීවිත ද අහිමි වුණා.
සංස්කරණය
ඒමන්ති මාරඹේ
Source – Divaina