උණුසුම් පුවත්
Search
chili

”එකයි + එකයි = තුනයි” – පිය පදවියට සූදානමින් සිටින චිලී ඒ සුබාරංචිය සමාජ මාධ්‍යයට එක්කරයි

17283

මෙරට සංගීත ක්ෂේත්‍රයේ තරුණියන්ගේ ආකර්ෂණය වැඩි වශයෙන් දිනාගත් ගායකයෙක් විදියට චිලී තිලංක හඳුන්වන්න පුළුවන්. ලංකාවේ ශාරුක් ඛාන් විදියටත් ඇතැමුන් ඔහු හඳුන්වනවා. කොහොම වුනත් ළඟදී චිලී ගීතයක් හරහා දැකගන්න ලැබුනේ නෑ. සුන්දර යුවතියක් වූ දීර්ඝ කාලීන ආදර සම්බන්ධතාවයකින් පසුව පසුගිය කාලයේ ඔහු විවාහ දිවියටත් පිවිසුණා. මේ කතාබහ උපුටා ගත්තේ චිලී සමඟ කළ සාකච්ඡාවකින්.

චිලී දැන් වැඩිය පේන්න නැත්තේ මොකද, ගායනයෙන් ඉවත් වෙලාද?

”නැහැ නැහැ ගායනයෙන් ඉවත්වෙලා නෑ, මම ගායනයෙන් ඉවත් වෙන්නෙත් නෑ…. මම පොඩි විවේකයක් ගත්තා… නිතරම දකින කොට වටිනාකමක් නෑ කියනවනේ…. ඉතින් මම හිතුවා පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න…”

10

චිලී කියන්නේ ගායකයෙක් විතරක් නෙවෙයි නේද ?

”ඔව්! ගායනයෙන් විතරක් ජීවත් වෙන්න අමාරුයි. මොකද හැමදාම සින්දු කිය කිය ඉන්න බෑ නේ…. මට නිමි ඇඳුම් වෙළඳ සැලක් තියෙනවා. ඒ වගේම මම එහි තව ශාඛා කිහිපයක් ඕපන් කරන්නයි හිතාගෙන ඉන්නේ. ඒ වගේම මට ඇගලුම් කම්හලක් තියෙනවා…. මම ගොඩක්ම කාර්යබහුල වෙන්නේ ඒ දේවල් එක්ක. මම සින්දු කියන්නේ සල්ලි හම්බ කරන්න නෙවෙයි, එක මගේ සතුට….. ඉතින් මම මගේ ව්‍යාපාර වගේම මගේ සංගීත කටයුතුත් බැලන්ස් එකේ කරගෙන යනවා…. ඒ සැලසුම් තමයි දැනට තියෙන්නේ.”

9 1

ලංකාවේ මියුසික් වීඩියෝ කලාව එන්න එන්න සරාගී වෙනවා නේද ?

”මෙහෙමයි…. මේක ලංකාව මිසක් අමෙරිකාව නෙවෙයිනේ, ලැජ්ජාවක් කියලා දෙයක් තියෙන්න ඕන.. මොකද මමත් රැලි පහුකරලා ආව කෙනෙක්. අඟ පසඟ පෙන්නුවා කියලා නිර්මාණයක් සාර්ථක කරගන්න බෑ…. තාවකාලික ප්‍රසිද්දියකට වඩා මම හිතනවාවා පැවැත්මක් ඇති වැඩක් කරන්න හිතන්න ඕන, කලාකාරයෝ වුණාම…. හැමෝම එහෙම හිතනවා නම් හොඳයි ඉතින්…”

14 3

තමන්ගේ වෘත්තිමය කටයුතු ඒ විදියට වෙද්දී චිලී මේ වනවිට පිය පදවිය අපේක්ෂාවෙන් ඉන්න බවත් පසුගිය දා ඔහු සඳහන් කර තිබුණා. ඒ ඔහුගේ මුහුණු පොතේ සටහනක් එක්ක්කරමින්.

ඒ ”එකයි + එකයි = තුනයි” කියලා සටහන් කරමින්.

ඒසටහනත් සමඟ චිලී ආදරණීය බිරිඳ තුරුල් කරන ඉන්න පින්තුරක් ද එක්කර තිබෙනවා.

16



Leave a Reply

Your email address will not be published.