උණුසුම් පුවත්
Search
qurantine

මෙරටින් කොවිඩ් මරණයක් – රෝහල් කාර්ය මණ්ඩලය නිරෝධායනයට

256

කුරුණෑගල ශික්ෂණ රෝහලේ කොවිඩ් ආසාදිත මරණයක් සිදු වී තිබෙනවා.

එහි ප්‍රතිකාර ලබමින් සිටි රෝගීයෙකු මිය ගොස් ඇති අතර මරණය සම්බන්ධයෙන් මතු වූ සැකයක් හේතුවෙන් පී.සී.ආර් පරීක්ෂණයක් සිදු කර ඇති බව සඳහන්.

එහි දී මියගිය පුද්ගලයාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මේ හේතුවෙන් එම රෝගියා ප්‍රතිකාර ලැබූ වාට්ටුවේ රෝගීන් සහ කාර්ය මණ්ඩලය නිරෝධායනයට යොමු කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. ⁣

කොවිඩ් වසංගත තත්ත්වය නොසලකා හැර තිබෙන අවස්ථාවක මෙය නැවත අවධානයට ලක් විය යුතුයි සෞඛ්‍ය අංශය පෙන්වා දෙන්නේ.