උණුසුම් පුවත්
Search
coconut

පොලීසියේ උපන්දිය දා පොලීසියෙම පිරිසක් පොල් ගසයි

98

පොලිසියට වසර 156ක් පිරිම නිමිත්තෙන් රට පුරා පොලිසි වල මහත් අභිමානයෙන් සැමරුම් උත්සව පවත්වද්දී අසාධාරණයට ලක්වූ පොලිස් සැරයන්වරුන් පිරිසක් තමන්ට උසස්වීම් ලබාදීමට උසස් නිලධාරින්ට ඊට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්ට ඥානය පහළ වේවායි ප්‍රාර්ථනා කරමින් ප්‍රසිද්ධ කෝවිලට ගොස් පොල් ගසා කන්නලව් කිරීමේ සිද්ධියක් පොලීසියෙන්ම වාර්තා වේ.

මෙම වර්ෂයට වසර 33 සහ 35 අතර මුළු සේවා කාලයක් සපුරා තිබෙන පොලිස් සැරයන්වරුන්ට වසර 15 ක කාලයක් සැරයන් තනතුරු ඉක්ම ගියත් මෙතෙක් උසස්වීම් ලබාදීමට කටයුතු නොකර මුනිවත රැකීම පොල් ගසා කන්නලව් කිරීමට ආසන්නම හේතුව බව එම නිළධාරීහු කියති.

තමන්ට වී තිබෙන අසාධාරණය පිළිබඳ පොලිසියේ ඉහළ නිලධාරීන්ට,පොලිස් කොමිසම වෙත ද,රාජ්‍ය සේවා කොමිසමට මෙන්ම හිටපු අගමැති සහ ජනාධිපතිවරයාට ද ලිඛිතව දැනුම් දුන්නද එය බීරි අලින්ට වීණා වාදනය කිරීමක් වැනි යැයි පොල් ගැසීමට සහභාගී වූ නිලධාරීහු පැවසූහ.

Source – Aruna




Leave a Reply

Your email address will not be published. Required fields are marked *